Wed. Jan 15th, 2025

ලක්‍ෂ දොලහට Vitz කාර් පෙර ඇණැවුමක් ඇමති නලින් හේවගේට..! (VIDEO)

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම රුපියල් ලක්‍ෂ දොලහකට විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලබාගැනීමට හැකිදැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතාගෙන් ප්‍රශ්න කර සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.

ලක්‍ෂ දොළහකට විට්ස් වර්ගයේ මෝටර් රථයක් ගත හැකි බවට එකල ඔහු මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ බවත් ජනතාවද ජාතික ජන බලවේගයය ඡුන්දය දුන් බවත් හෙතෙම පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය නොවැම්බර මස මුලදී නලින් හේවගේ මහතා කියා සිටියේ ජපාන විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ ගෙනත් දෙන්නේ නම් හැමෝටම එය මිලට ගත හැකි බවත්ය.

නමුත් රජයෙන් එම වාහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක අසූවක පමණ බද්දක් අය කරමින් ඇතැයිද ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවද ඔහු චෝදනා එකල චෝදනා කලේය.

පෙර පුවත:

Vitz එකක් ලක්‍ෂ 12ට.. හැම පවුලකටම වාහනයක් ගන්න ක‍්‍රමයක් හදනවා..

විදේශ රටවල එක මාසයක ආදායමෙන් වාහනයක් මිලට ගත හැකි බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා සඳහන් කරයි. අපේ රටේ මුළු ජීවිතේම උපයන මුදල එකතු කලද මිලට ගත හැක්කේ ‍ටැක්ටරයක රෝදයක් පමණක් බවත් ඔහු පවසයි.

ජපානයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ ගෙනත් දෙන්නේ නම් හැමෝටම එය මිලට ගත හැකි බවත් ඔහු කියා සිටියේය. නමුත් රජයෙන් එම වාහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක අසූවක පමණ බද්දක් අය කරමින් ඇතැයිද ඔහු කියා සිටී.

ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවද ඔහු චෝදනා කරයි. ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් වසර දහයක කාලයක් ඇතුළත ලංකාවේ සෑම නිවසටම වාහනයක් ගත හැකි ආකාරයේ ආර්ථිකයක් ගොඩනගන බවත් ඔහු කියා සිටියේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මැතිවරණ ජන හමුවක් අමතමිනි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *