සෑම දිනකම ලන්ඩන් නගරය ආසන්නයේ තිබෙන භූගත උමං දුම්රිය පොළකට ගොස් එහි වේදිකාවේ බංකුවක වාඩිවී සිටීමට වයෝවෘද්ධ කාන්තාවක් පුරුදුව සිටියා… ඇය දිනපතා මෙසේ දුම්රිය පොළට පැමිණෙන්නේ එහි ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් නිවේදනය වන ඒ අපූරු කටහඬට සවන්දීම සඳහායි…1950 වර්ෂයේදී තම ස්වාමිපුරුෂයා විසින් පටිගත කරන ලද මෙම නිවේදනය, දිනපතා සවන්දීමට වයෝවෘද්ධ ඇය ඉමහත් ආසාවක් දැක්වුවා…
Margaret McCollum නම් මෙම වයෝවෘද්ධ කාන්තාව, ඇගේ සැමියා වන Oswald Laurence ගේ මරණයෙන් පසු, ලන්ඩනයේ වඩාත්ම ප්‍රසිද්ධ “Mind the gap” එකක් බවට පත් වූ මෙම පටිගත කිරීම ඇසීමට දුම්රියපළේ බංකුව මත හිඳගෙන සිටීම පුරුද්දක් කරගෙන හිටියා…
2003 වර්ෂයේදී ඔස්වල්ඩ් මිය යන්නේ මාග්‍රට්ගේ හදවතේ විශාල තනිකමක් ඉතිරිකරමිනි… මෙම තනිකමින් බෙහෙවින් පීඩාවට පත්වී සිටිය ඇය තම ස්වාමියාගේ මතකයන් නැවත කෙසේ හෝ සම්බන්ධ කරගැනීමට මෙන්ම ඔහුගේ මතකයන්ට සමීපවීමට මාර්ගයක් සොයමින් සිටින කාළයේ ඔහුගේ මෙම පැරණි පටිගත කිරීම ඇයට මතකයට නැගුණා…
මේ අතර අඩ සියවසකට වැඩි කාලයකට පසු ඔස්වල්ඩ්ගේ පටිගත කෙරුණු මෙම හඬ විද්යුත් පටිගත කිරීමකින් ප්‍රතිස්ථාපනය කිරීමට ලන්ඩන් ප්‍රවාහන සමාගම කටයුතු කර තිබුණා… මෙය දැනගත් මාග්‍රට්, ඇයගේ සියළු විස්තර එම ලන්ඩන් ප්‍රවාහන සමාගමට දන්වා ඇයට දිනපතා තම සැමියාගේ කටහඩ ගෙදර සිට ඇසීමට මෙහි පිටපතක් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා…
නමුත් මේ දෙදෙනාගේ ආදරණීය ඉතිහාසය දැන ගැනීමෙන් පසු ප්‍රවාහන සමාගම අමුතුම තීරණයක් ගනු ලැබුවා… ඔවුන් තීරණය කළේ මාග්‍රට් ජීවත් වන ස්ථානයට ආසන්නයේ ඇති උතුරු මාර්ගයේ එම්බන්ක්මන්ට් නැවතුමට (Embankment stop) එන යන සියළුම මගීන්ට සවන් දිය හැකිවන ලෙස ඔස්වල්ඩ් ලෝරන්ස්ගේ කටහඬ මෙලෙස ශබ්ද විකාශණ වලින් ඇසීමට සැළස්වීමයි… එම සමාගම ඔස්වල්ඩ් සහ මාග්‍රට් වෙනුවෙන්, මෙම නිවේදන අඩසිය වසරකට එහා ගිය නොවෙනස්ව පවතින සදාකාලික ආදරයක සංඛේතාත්මක නිවේදනයක් ලෙස, එම දුම්රිය පළේ ප්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කර තිබුණා…
– ධම්මික සමරතුංග –