Sun. Jan 12th, 2025

SPACE X ආයතනයේ ශ්‍රිලාංකේය සළකුණ – මෙලනි මහාරච්චි

“SPACE X ආයතනයේ මගේ පළමු මාස තුන ඇතුළත මම රොකට් එන්ජින් විදුලි කේබල් භාරව සිටියෙමි. මගේ හදවත ගැහෙමින් තිබූ අතර මට දුව ගොස් ගෙදර පැමිණීමට අවශ්‍ය විය, එය විශාල වගකීමක් විය. ”

“මෙම අඟහරු මෙහෙයුම නම් මා දිගු කලක් බලා සිටි සිහිනයකි. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති මෙම සිහිනය මා වෙනුවෙන්ම ඉදිරිපත් විය. ඒ විශාල නිර්භීත සිහිනය අඟහරු ග්‍රහයා වෙත යවා මානව වර්ගයාගේ දියුණුව උදෙසා පූර්ණ කාලීන ගෘහණියකගේ සිට ශිෂ්‍යයෙකු දක්වා වැඩ කරන මවක් දක්වා රළු එහෙත් ප්‍රීතිමත් ගමනක් ගෙන ගියේය. ”

මෙලනි මහාරච්චි

ඇය යාන්ත්‍රික, රොබෝ තාක්ෂණය සහ රොකට් ඉංජිනේරුවරියකි. සිය සැමියා සහ කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ එක්සත් ජනපදයට පැමිණි අතර UCLA වෙතින් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමෙන් පසු මුල සිටම සිය වෘත්තිය මුළුමනින්ම ගොඩනගා ගත් අතර දැනට NASA ආයතනයේ සේවය කරන ඇය MARS ROVERS2020 මෙහෙයුම, SPACE X, BOEING සහ NASAJET ප්‍රචාලන රසායනාගාරයේ සේවය කර ඇත.

නාසා හී කටයුතු කිරීමට ප්‍රථම ලෝක ධනවතා වන ELON MUSK ගේ SPACE X සහ BOEING ආයතන දෙකෙහිම කටයුතු කොට ඇති අතර ගුවන් යානා සහ අභ්‍යාවකාශ යානා කිහිපයකටම තම සේවය ලබා දී තිබීම විශේෂයි. SPACE X හි දී FALCON 9 රොකට්ටුව සඳහා MERLIN එන්ජින් සැලසුම් කණ්ඩායමේ ඉංජිනේරු වරිය ලෙස මෙලනි මහාරච්චි මහත්මිය කටයුතු කල අතර
ඇය නාසා ආයතනය මගින් පෙබරවාරි 19 අළුයම අඟහරු මතට ගොඩ බැස්සවූ MARS ROVERS යානයේ විදුලි පරිපථය නිර්මාණය කළ ලාංකික ඉංජිනේරුවරියයි.

සඳ තරණයෙන් පසු අගහරු ලොවෙහි ජීවයක් පවතීද ,ජලය පවතීද , එහි ශබ්දය කුමණ ආකාරයේද ආදී කාරණා රැසක් සොයා බැලීමට බොහෝ කල ක සිට විද්‍යාවේදීන් ගත් අතිමහත් වෙහෙසකර උත්සහයේ අති සාර්ථක පිම්ම  මෙම MARS ROVERS අභ්‍යාවකාශ යානය මඟින් සාර්ථක වූ අතර මෙහි විද්‍යුත් පරිපථයේ තනි නිමැවුම් කාරිය අපගේ රටෙහි විද්‍යාවේදිනියක් වීම අපට මහත් වූ අභිමානයකි.

සටහන- අමිල හේවාවසම්

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *