Mon. Sep 16th, 2024

ජනතාව ඡන්දය දෙන්නේ මට මිසක මගේ වටේ ඉන්න මිනිස්සුන්ට නෙමෙයි – ඒ අය හොරුනම් අධිකරණයට අරන් යන්න විපක්ෂයට බැරි ඇයි..?

ජනතාව ඡන්දය භාවිතා කරනුයේ තමන්ට සහ තමන්ගේ වැඩ පිළිවෙලට බවත් තමා වටා සිටින පිරිසට නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් දක්වා සිටියේ අද (07) මාධ්‍ය ආයතන ප්‍ර්‍රධානීන් සමඟ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” හමුවට එක්වෙමිනි.

ජනතිපතිතුමන් වටා සිටින පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් බොහෝමයකට විවිධ චෝදනා ඇති බැවින් ඔවුන් හට ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඡන්දය භාවිතා කිරීම සඳහා ජනතාව මෙහෙයවිය හැකිදැයි ප්‍රශ්නයක් යොමු කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් විමසා සිටියා.

එයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඔවුන්ට චෝදනා ඇත්නම් එය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් එය නිවැරදි කරනු ඇති බවත් දැන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය බැවින් තමා ස්වාධීනව ඉදිරිපත් වී ඇති නිසා ඕනෑම කෙනෙකුට ඔහුට සහය දැක්වීමට ඉදිරිපත් විය හැකි බවයි.

ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය භාවිතා කරනුයේ තමන්ට බවත් තමන් වටා සිටින පිරිස් වලට නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

තමන් ජනාධිපති ලෙස කිසිඳු මන්ත්‍රීවරයෙකුට චෝදනා ඇත්නම් ඒ වෙනුවෙන් පෙනී නොසිටින බවත් දඬුවම් ලබාදීමට හැකියාව ඇත්තේ අධිකරණයට බැවින් කිසිඳු අධිකරණ ක්‍රියාදාමයකට තමන් බලපෑම් නොකළ බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *