Fri. Oct 18th, 2024

රනිල් ජනාධිපති නොවුනා නම් අපට වෙන්නේ මහ පාරේ ගුටි කා මැරෙන්නයි..!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට වසර දෙකකට පෙර ජනාධිපති ධුරය භාර නොගත්තේ නම් අපිට සිදු වන්නේත් අමරකීර්ති මන්ත්‍රීතුමාට සිදු වූ දේම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පොහොට්ටුව නිවැරැදි මොහොතේදී හරි තීන්දුව ගනු ඇතැයි තමන්ට තවමත් විශ්වාස බවද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. ‍

නෙළුම් මාවත කාර්යාලයේදී (23) පැවැති සාකච්ඡාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මාධ්‍යවේදීන් පළ කළ ප්‍රශ්න ඇමතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – ඔබතුමාලා දෙන්නා ඉන්නේ මත දෙකක. අපිට හරි මතය කියන්න?

පිළිතුර – තව සතියක් ඇතුලත කියනවා.

ප්‍රශ්නය – ඇයි ඒ

පිළිතුර – මගේ මතය කියලා ඉවරයිනේ. මට අලුතින් කියන්න දෙයක් නෑනේ. මම වෙනස් කරලා නෑ.

ප්‍රශ්නය – ඒ කියන්නේ රනිල් මහත්තයා ඕනේ.

පිළිතුර – ඔව්

ප්‍රශ්නය – තිස්සකුට්ටිආරච්චි මහත්තයා කියන්නේ පොහොට්ටුවෙන් කවුරු හරි ඕනි කියලා.

පිළිතුර – ඒක හරි. අපි දෙගොල්ලොම කියන්නේ හොඳ අපේක්ෂකයෙක් දෙන්න කියලා.

ප්‍රශ්නය – හොඳ කෙනා කවුද?

පිළිතුර – පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා තිස්සකුට්ටිආරච්චි මහතා – ඇයි එච්චර කලබල.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා – මේ භූමියේ ඒක අහන්න එපා. එළියෙදි ඇහුවොත් මම ඒකට උත්තරය දෙන්නම්. මේ මහත්තයාගෙන් අහන්න මෙයා තමයි දවසේ නායකයා.

ප්‍රශ්නය – පොහොට්ටුවේ කවුද දිනන්න පුළුවන් අපේක්ෂකයා දාන්න ඕනේ. ඔබතුමා පක්ෂ කාර්යාලයේ ඉදන්නේ කිව්වේ නැත්තේ දැන් ඉන්නේ පාරේ.

පිළිතුර – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා – මේ පක්ෂය හදපු කෙනෙක් මම. මම මේ පක්ෂය හානිවෙන්න දකින්න කැමැති කෙනෙක් නෙමෙයි. ඒක නිසා මම ඒක කතා කරන්න සුදානමක් නෑ. හැබැයි මගේ මතය ඉන්න වේදිකාවේදී පැහැදිලිවම කියලා තියෙනවා. ඒ මතයේ අදත් ඉන්නවා මම.

ප්‍රශ්නය – මොකක්ද ඒ මතය

පිළිතුර – රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ. කලගුණ දන්න මිනිස්සු නම් අද මතක තියා ගන්න ඒ අරගලය වෙන කෙනෙක්ගේ අතට ගියා නම් මහින්ද මහත්තයටත්, ගෝඨාභය මහත්තයාට වෙන්නෙත්, අපිට වෙන්නෙත් අමරකීර්තිට වෙච්ච දේමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා නීතිය හා සාමය ස්ථාපිත කරා විතරක් නෙමෙයි ආර්ථිකය ගොඩ නගන්න පියවර ගත්තා. අපි ඒකට ගරු කරන්න ඕනේ. මහින්ද මහත්තයා වෙනුවෙන් අපි එළියට බැස්සේ මහින්ද මහත්තයා යුද්ධය ජයග්‍රහණය කළ නිසා. එතුමා රටට වැඩක් කළ නායකයෙක් හින්දා. අදටත් අපි එතුමත් එක්ක ඉන්නවා. ඒකනේ අපි මෙතැනට එන්නේ. මම විශ්වාස කරනවා පක්ෂය හරි වෙලාවට හරි තීන්දුවක් ගනියි කියලා.

ප්‍රදීප් අනුර කුමාර

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *