Thu. Feb 20th, 2025

පසුගිය වසර කිහිපයදීම මෙවන් ගිනි ගැනීම් නිවා දැමීම සඳහා හෙලිකොප්ටර් යොදා ගැනීම අසාර්ථකයි.! – නි. ඇමති (Video)

ඇල්ල වනජීවී රක්ෂිත කලාපයට අයත් ඇල්ල රොක් කඳු වැටියේ දහතුන් වැනිදා පසරුවේ සිට ගිනි ගැනීමක් හටගෙන ඇත.

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ අංශ යුද හමුදාවට අමතරව ගුවන් හමුදාවද යෙදවීමට කටයුතු කර තිබෙන බව බදුල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කලේය.

අධික සුළං සහ ගින්න පැතිර යන ස්ථානයට ළඟා වීමට ඇති අපහසුතාව හේතුවෙන් ගින්න පාලනය දුෂ්කර වී ඇත.

මේ වන විට ගින්නෙන් අක්කර 600කට ආසන්න ප්‍රදේශයක් විනාශ වී තිබේ.

පවතින තත්වය මත පර්වත කොටස් මාර්ගයට පෙරළීමේ අවධානමක් පවතී.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසන්නේ පසුගිය වසර කිහිපයදීම මෙවන් ගිනි ගැනීම් නිවා දැමීම සඳහා හෙලිකොප්ටර් යොදා ගැනීම අසාර්ථක වී ඇති බවත් පැවසූ සම්පූර්ණ ඉන්ධන පුරවා ගත් ගත් පසු ඉන් වතුර බකට් දෙකක් ප‍්‍රවාහයට පමණක් ප‍්‍රමාණවත් බවත් එයද නිසි ඉලක්කයකට යොමු කිරීම අපහසු බවත් පැවීසය.

පසුගිය වසර කිහිපයේ තිබූ අසාර්ථක අත්දැකීම හා අධික වියදම හේතුවෙන් මෙම ගින්න පාලනය සඳහා හෙලිකොප්ටර යොදා යොදා නොගත් බවද ඔහු පැවසුවේය.

 

උපුටා ගැනීම : Hiru News

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *