Fri. Jan 24th, 2025

ලක්ෂ 90ක අල්ලසක් ගත්තේ යැ‍යි රිමාන්ඩ් කල හිටපු පොහොට්ටු මන්ත්‍රී සලෝචන ගමගේට ඇප..!

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගන්නා ලද ඉඩමකට අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.

රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබුණේය.

කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ටොරිංටන් ඇවෙනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගැනීමෙන් අනතුරුව, එම ඉඩමකට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වුනේ.

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු ව්‍යාපාරිකයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිනි.

කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා බීමත්ව රියපැදවීම හේතුවෙන් මීට පෙර 2019 වසරේදීද අත්අඩංගුවට ගැණුනා.

දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරණ මහජන එක්සත් පෙරමුණෙන් බස්නාහිර පළාතට තරඟ කළ ඔහු දැඩි රාජපක්ෂ හිතවාදියෙකුද වනවා.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *