Sat. Feb 1st, 2025

යාපනයේ සිට ආ ජනාධිපති ආරක්‍ෂක රථයක් පෙරලේ – හතරක් රෝහලේ…!

ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක් අද අලුයම තලාව ඒ 28 මාර්ගයේ 70 වැනි කිලෝමීටර් කණුව අසලදී අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුව ඇත්තේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් යයි පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු සිට ඇත.

ඔවුන් සිවුදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

යාපනයේ සිට කොළඹ බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

Source : Lanka C News

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *