Fri. Mar 14th, 2025

ගණේමුල්ල සංජීවට මරු කැඳවූ වෙඩික්කරු මෙන්න..! (Video)

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා අධිකරණ භූමියට පැමිණි අවස්ථාවේ CCTV දර්ශන පෙළක් ‘අද දෙරණ’ ට ලැබී තිබේ.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

නේපාලයේ කත්මන්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් 2023 වසරේ සැප්තැම්බර් 13වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ගණේමුල්ල සංජීව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුව බුස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩිතැබීම සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය.

මනුෂ්‍ය ඝාතන 19ක් සම්බන්ධයෙන් මේ වනවිට ගණේමුල්ල සංජීවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වේ.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පියා ඝාතනය කිරීමේ චෝදනාව ගණේමුල්ල සංජීවට එල්ල වී තිබුණි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවු වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාගේ මළසිරුර අධිකරණයෙන් එළියට රැගෙන එන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබේ.

නඩු කටයුත්තක් සඳහා අද (19) උදෑසන ගණේමුල්ල සංජීව නැමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙන විත් තිබුණි.

පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබේ.

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබේ.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *