Mon. Sep 16th, 2024

පරදින ඡන්දයක් රනිල් ඉල්ලන්නේ නෑ – පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් නෙමෙයි ධම්මික ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවන බවත් තව දින 8කින් එම පක්ෂයේ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවත් රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන උදයංග වීරතුංග පැවසිය.

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා වෙන කවුරුත් නොව ව්‍යවසායක ධම්මික පෙරේරා යැයිද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කියා සිටියේය.

රාජපක්ෂ පවුලේ ඉදිරිය මෙන්ම එම පක්ෂයේ තීරණය එය බවට තමා විශ්වාසයෙන් ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය.

ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඒම පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවද උදයංග වීරතුංග වැඩිදුරටත් කියා සිටියේය.

– මොනරා

පරදින ඡන්දයක් රනිල් ඉල්ලන්නේ නෑ.!

මේ අතර දේශපාලන විශ්ලේශකයන් සඳහන් කරන්නේ සමගි බලවේගයේ එරාන්, හර්ශ,කබීර්, තලතා වැනි කණ්ඩායමක් නොමැතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම පහසු නොවන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම සමගි බලවේගයේ එරාන්, හර්ශ,කබීර්, තලතා වැනි කණ්ඩායමක් තමන්ට ලබා ගත යුතු බවයි.

එසේ නොමැතිව පරදින පරදින ඡන්දයක් රනිල් ඉල්ලන්නේ නැති බවට සිතිය හැකි බවයි ඔවුන් සඳහන් කරනවා.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *