Mon. Mar 17th, 2025

මුලු ලංකාවම කළුවරේ තියපු අපේ වඳුරා ජාත්‍යන්තරයටත් යයි – විදෙස් මාධ්‍ය රැසක් ඇමැතිතුමා කියපු වඳුරාට ලොකු ප්‍රචාරයක් දෙයි..!

වඳුරකු නිසා ශ්‍රී ලංකාවේ විදුලිය බිඳවැටීමේ ප්‍රවෘත්තිය විදේශ පුවත් සේවාවලද ප්‍රධාන සිරස්තලයක් බවට පත්ව තිබේ.

අනපේක්ෂිත ලෙස වඳුරකු වැරදිකරුවකු බවට පත්ව රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුවූ බවට චෝදනා එල්ල වීමෙන් පසු ඊයේ මෙම සිදුවීම අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවාවන්ද පුවතක් ලෙස පළකළේය.

දිවයින පුරා විදුලිය ඇණහිටීම පෙ.ව. 11:30ට පමණ සිදු වූ අතර එමඟින් විදුලි පද්ධතියට බාධා ඇතිවිය.

මෙම සිදුවීම ඇත්ත වශයෙන්ම වඳුරකු විසින් සිදුකරන ලද එකක් බව බව බලශක්ති අමාත්‍යවරයා තහවුරු කළේය.

විදුලිය සපැයුම යථාතත්ත්වයට පත් කිරීම සඳහා බලධාරීන් පැය 5 සිට 6 දක්වා කාලයක් ගතවූ අතර, ක්‍රමයෙන් විවිධ ප්‍රදේශවලට විදුලිය නැවත පැමිණියේය.

විදුලිය ඇණහිටීමේ මෙම අමුතු ස්වභාවය ගෝලීය අවධානයට ලක් වී ඇති අතර, ශ්‍රී ලාංකික වඳුරා අනපේක්ෂිත ලෙස අන්තර්ජාතික අවධානයට ලක්ව තිබේ.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *