Mon. Mar 17th, 2025

විසි හැවිරිදි තරුණිය ගැබිනියක් කළ 43 බාප්පා අත්අඩංගුවට..!

මාකොළ, දේවාල පාර ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචි වී සිටි විසි හැවිරිදි තරුණිය ගැබිනියක් කළ බවට සැකපිට හතළිස් තුන් හැවිරිදි සිය බාප්පා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

එම තරුණියගේ පියා මිය ගොස් තිබෙන අතර පසුව මව විසින් එම පුද්ගලයා සමග විවාහ වී මව විදේශගතව ඇත.

මේ අතර තරුණිය, බාප්පා හා ඔහුගේ නව හැවිරිදි පුතා සමග එම නිවසේ සිටිමින් ඇය බියගම නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවට ගොස් තිබේ.

එම තරුණිය හෝමෝන ඌනතාවයකින් පෙළෙන නිසා බාප්පා විසින් ඇයට එම අසනීපය සඳහා රාත‍්‍රියට ඖෂධ පෙති දෙන බව කියන අතර එම පෙති වැඩියෙන් ගත් විට මත් ගතියක් ඇතිවන බවද ඇය පවසා තිබේ.

එම තරුණියට දින කිහිපයක සිටම ඇඟපත රිදීම නිසා ප‍්‍රතිකාර ලබා ගැනීමට රාගම මහා රෝහලට ගියවිට ඇය ගැබිනියක් බවට දැන

ගැනීමට ලැබිණි. මීට බාප්පා සැක කරන බවට මේ තරුණිය පොලිසියට පැවසීමත් සමග සැකකාර බාප්පා අත්අඩංගුවට ගනු ලැබීය.

එම තරුණිය ප‍්‍රතිකාර සඳහා රාගම මහා රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකාර බාප්පා මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර, සැරයන් ජයවර්ධන (12011), පෙරේරා (32560), පො. කො. ලක්මාල් (82436), කුමාර (71453), අරුණ (83606) හා අබේසිංහ (74265)යන නිලධාරීහු මෙම සිද්ධිය ගැන වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඞී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *