Mon. Sep 16th, 2024

‘බයේ පැන ගියා’ ප‍්‍රකාශයෙන් බර හානි – පැන ගියේ නෑ කියන්න සජිත්ගෙන් විශාල ප‍්‍රචාරක මෙහෙයුමක්..!

2022 වසරේ මෙරට පැවති අරගලයේ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කරද්දී අගමැති ධුරය භාර නොගත් බවට එල්ලවන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ප‍්‍රචාරක මෙහෙයුමක් විපක්ෂයේ සමගි ජන බලවේගය පාර්ශවයෙන් ආරම්භ කර තිබේ.

ඒ එම පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් සිදුකරන ප්‍රධානීන්ගේ උපදෙස් මතයි.

රට කඩා වැටුණු අවස්ථාවේ භාරගන්න කිසිවෙකු නොසිටි බවත් තමන් පමණක් තනිව ඉදිරිපත් වී එය භාරගත් බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිනපතා සිදු කරන ප්‍රකාශයෙන් පක්ෂයට අවාසි සහගත බව සලකා මෙම නව ප්‍රචාරක ව්‍යාපෘතිය අරඹා තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා රට භාර ගැනීම ප්‍රතික්ෂේප කර පලා නොගිය බවත් ඔහු රට භාර ගැනීම සඳහා ඉල්ලා සිටියදී රනිල් වික‍්‍රමසිංහ මහතා හොර පාරෙන් පැමිණ එය බාරගත් බවටත් මෙම ව්‍යාපෘතියෙන් ප්‍රචාරය කරයි.

සජිත් ප්‍රේමදාස මහතාට ද උපදෙස් ලැබී ඇත්තේ ඒ ආකාරයෙන්ම වේදිකාවන්හි ප‍්‍රකාශ සිදු කරන ලෙසයි.

 

Source : Lanka C News

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *