ලක් සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වෙයි.
එම පොල් ගෙඩියක් රුපියල් 130 කට අලෙවි කිරීමට නියමිතයි.
මේ වන විට ලක් සතොස හරහා පොල් ගෙඩි ලක්ෂයක් අලවි කෙරේ.
රජය සතු වතුවලට අයත් පොල් ලක් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සිදුවෙයි.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් පොල් නිෂ්පාදනයට බාධා මතුවිය.
එම තත්ත්වය පහව ගොස් ඇති බැවින් පොල් හිඟය කඩිනමින් පහව යනු ඇතිබව එම අමාත්‍යාංශය පවසයි.
මේ අතර උත්සව සමය තුළ කිසිඳු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීම සඳහා රජය කටයුතු කරන බව වැඩිදුරටත් එම අමාත්‍යාංශය පවසයි.
– නාගොඩ සුමන උදයන්ත