කලවංචිකුඩි පදිංචි මංජුලා වසර 11 දරුවන් නොමැතිව ඒ වෙනුවෙන් බොහෝ අපේක්ෂාවෙන් සිට වයස අවුරුදු 41 දී පළමු බලාපොරොත්තු මල්ඵල ගනිමින් තම කුලුදුලේ දරුවා පිලිසිද ගත්තා. කිසිදු බාහිර ගැටලුවක් නොවී සිටි මේ මවට එක්වරම කුසට සති 24 ක් වන විට කලවංචිකුඩි රෝහලේ දරුවා බිහිකරනු ලැබුවා.
සාමාන්‍යයෙන් සති 40 ක් කුස සිට සිටිය යුතු දරුවෙක් සති 24 තුල බිහිවීම සැලකෙන්නේ ඉතාමත් අවදානම් නොමේරූ දරු උපතක් ලෙසයි. බොහෝ විට මේ දරුවන් ජීවත් කල හැක්කේ ඉතාමත් කලාතුරකිනි. ඒත් විවිධ සංකූලතා අවදානම් සහිතවයි. අවුරුදු 11 ක් මංජුලාගේ බලාපොරොත්තුව එක් නිමේශයකින් කඩා වැටුනා. දරුවාගේ ජීවිතය ඉතාමත් අවදානම්ව තිබූ බැවින් කලවංචිකුඩි සිට මේ දරුවා අම්පාර මහ රෝහලේ නව ජන්ම ළදරු දැඩි සත්කාර ඒකකයට මාරුකර එවනු ලැබුවා. යන්ත්‍රවල ආධාරයෙන් සිටි මේ කුඩා බිලිදාටත් මංජුලාටත් වාසනාව කැන්දමින් දින 10 ක් තුල අම්පාර මහ රෝහලට එංගලන්තයේ පුහුණුව නිම කර වැඩබාර ගන්නට ළමා විශේෂඥ වෛද්‍ය දිමුතු සුභසිංහ මහතා පැමිණියා.
එතුමාගේ පළමු රාජකාරිය වශයෙන් මේ නොමේරූ බිලිදාගේ ජිවිතය ගොඩ ගන්නට අවශ්‍ය සියලු පියවර එංගලන්තෙයේ තමන් සේවයකල රෝහලේ කල ක්‍රියාපිලිවත හා අනුගත වෙමින් ගනු ලැබුවා. සාමාන්‍යයෙන් මෙවන් නොමේරූ දරුවෙකුගේ හදවත, පෙනහලු , මොළය සහ අනෙකුත් අවයව සම්පූර්ණයෙන් වර්ධනය වී නැති උපන් බර ග්‍රෑම් 650 පමණ වූ මේ ළදරුවාගේ ජීවිතයට නව පණක් දෙන්නට ඩොක්ටර් දිමුතු ඇතුළු අම්පාර මහ රෝහලේ ළමා ඒකකය බාර සියලු වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස මහත් පරිශ්‍රමයක් ගත්තා. දරුවා ක්‍රමයෙන් සාමාන්‍ය මටටම දක්වා ගැනීමට මේ කාර්‍ය මණ්ඩලය අපමණ වෙහෙසක් දැරුවා. අක්ෂි දුර්වලතාවයක් කොළඹ රිච්වේ ආර්‍යා ළමා රෝහල වෙත යවා සුවපත් කර නැවත අම්පාරට ගෙන්වාගෙන අවසානයේ වෛද්‍ය විද්‍යාවේ හාස්කම් සහ මනුසත්කමේ ආශිර්වාද මැද මේ දරුවා සම්පූර්ණ නිරෝගී දරුවෙකු ලෙස මාස 3 ක කාලයක් සිටි අම්පාර මහ රෝහලෙන් අද දින මහත් වූ සතුටකින් පිටව ගියා.
11 වසරක් තිස්සේ මංජුලාගේ බලාපොරොත්තු සුනු විසුනු වන්නට ඉඩ නොදී තම කුලුඳුල් පුතුට නැවත ජීවය දුන් අම්පාර මහ රෝහලේ සියලු දෙනාට ඇය මහත් කෘතවේදී වුනා. ඇය අවසානයේ පිටවී ගියේ දෙවියෝ ඇත්තටම දෑසින් දැක්කේ අම්පාර රෝහලේදී බව හැමෝටම කඳුළු පිරි දෑසින් කියා සිටිමිනි. පළමු වරට සති 24 ක නොමේරූ දරුවෙකු සුවපත් කල මේ මහා සත්කාරය වෙනුවෙන් මහත්සේ කැපවුනු ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිමුතු සුබසිංහ සහ විශේෂඥ වෛද්‍ය ලක්ශාන් ඇතුලු සියලු දෙනාට අප සැමගේ ප්‍රණාමය..
Daminda Ubayarathna
උපුටා ගැනීමකි