හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සතුව ඇති V8 වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
මෙම නියෝගය සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව ගොනු කළ මෝසමක් අද සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබුනේ එම දෙපාර්තම්න්තුව සිදු කළ ඉල්ලීමක් මතයි.
සුජීව සේනසිංහ මහතා පැවසුවේ ඉදිරි විමර්ශන සඳහා තම වාහනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත භාර දුන් බව යි.
දූෂණ මර්දන ඒකකය වාහනය ලබා දෙන්නැයි අධිකරණය දන්වා තිබූ බවත් ටොයෝටා සමාගමෙන් වාහනය පිළිබඳ වාර්තාවක් අවශ්‍ය බවත් ඒ අනුව තම වාහනය භාර දීමට නියෝග කල බවත් හෙතෙම පැවසීය.‘මෙය දේශපාලන පළිගැනීම් මිස වෙන කිසිවක් නොවේ. රජයේ රස පරීක්ෂකවරයා පසුගිය සතියේ මගේ වාහනය පරීක්ෂා කළා. නමුත් බලධාරීන්ට තවමත් අවශ්‍ය වන්නේ ඒ ගැන පරීක්ෂණයක් කිරීමටයි’