Sun. Sep 8th, 2024

මියගිය හිටපු චීවරධාරියාගේ ගිණුමක කෝටි ගණනක් – අනුර කුමාරත් අවධානමක…

ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමේදී මියගිය නයන වාසල එදිරිසූරිය නැමති පුද්ගලයාගේ ගිණුමක රුපියල් ලක්ෂ 600ක මුදලක් තිබී ඇති බව පැවසෙයි.

ගම්පහ මහානාම නමින් පැවිදිව සිටි මෙම පුද්ගලයා රුවන්වැල්ල ගෝනගල්දෙනිය වහරක දම්සක් විහාරයේ විහාරාධිපති ලෙස සිට ඇති බවත් මිය ගිය මොහොත වන විට කේ සුජීවා මහත්මියගේ සැමියා ලෙස සිට ඇත.

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා මෙම අනාවරණය කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමිනි.

ඔහු පෙන්වා දෙන්නේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම සමඟ අනුර කුමාර දිසානායක මහතා දේශපාලන වශයෙන් තර්ජනයක් විය හැකි කණ්ඩායම්ද මේ අයුරින් සැලසුම් සහගත් ලෙස ඝාතන සැලසුම් දියත් කිරීමේ ඉඩක් ඇති බවයි

මියගිය නයන වාසල එදිරිසූරිය නම් පුද්ගලයා පැවිදි සමයේ ජනප්‍රිය ධර්ම කථිකයෙකු වී ඇති අතර කොරෝනා සමයෙන් පසු ඇති කර ගෙන තිබු පුද්ගලික හිතවත් කමක් මත උපැවිදි වී කේ සුජීවා නමැත්තිය සමඟ දිවි ගෙවා ඇත.

ඔහු පැවිදි සමයේ ධර්මදේශනා තුළින් විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවද ඔහු භාවිත කර තිබෙන්නේ ද නවීන මෝටර් රථයක් බවද අනාවරණය කර ඇත.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *