Thu. Jan 16th, 2025

ලක්‍ෂ 40 වාහනය කෝටියයි – වාහන මිල ඉහල යන බවට ප්‍රචාරය කරන්න සේල් කරුවෝ සල්ලි විසි කරයි..!

රජය විසින් පොරොන්දු වූ පරිදි සාමාන්‍ය ජනතාවට වාහනයක් ගැනීමට සිය ආර්ථික ප්‍රතිපත්ති අනුව හැකිවේවි යන්න සපථ කර ඇති කාලයක ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන් සිය මාෆියාව පවත්වාගෙන යෑම පිණිස විවිධ සාවද්‍ය පුවත් පල කරමින් සිටින බව නිරීක්ෂණය වී ඇත.

වාහන ආනයනයේදී රජය අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවට ඔවුන් සමාජ මාධ්‍ය තුල විවිධ පුවත් මවමින් සිටිනවා.

ලබන වසරේ (2025) සිට වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග මෙරට ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් විසින් මේ දිනවල පුවත්පත් දැන්වීම් පළ කිරීමද ඉහළ ගොස් තිබේ.

මෙම දැන්වීම් හේතුවෙන් වෙළෙඳපොළේ භාවිත කරන ලද වාහන අලෙවිය සහ ඒවායෙහි මිල ගණන්ද පහත වැටී ඇති බවට නිරික්ෂණය වී ඇත.

ඊට හේතුවී ඇත්තේ භාවිත කරන ලද වාහනවල මිලටත් වඩා අඩු මිලකට අලුතින් ආනයනය කරන වාහන අලෙවි කරන බව එම දැන්වීම්වල සඳහන්කර තිබීම හේතුවෙනි.

පසුගිය කාලයේ කෘතිමව ඉතා අසාධරණ ලෙස වාහන මිල ගණන් ඉහල දමා ඇති සේල් කරුවන් විසින් සිය මාෆියා වෙළඳපල පවත්වාගෙන යෑම පිණිස මෙලෙසින් රජයේ තීන්දු තීරණ ඉක්මවා යමින් පුවත් පල කිරීම පුදුමයට කාරණයක් නොවේ.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *