Tue. Jan 21st, 2025

පාර්ලිමේන්තුවේ මෙතෙක් හිටියේ දූෂිතයන්, වංචාකාරයන් – අතපසුවීමක් වුනානම් ඒක හදාගන්නවා

මෙරට මෙතෙක් කල් පාර්ලිමේන්තුව නියෝජනය කළේ දූෂිතයන්, වංචාකාරයන්, පවුල් දේශපාලනයෙන් බලය අවභාවිතා කළ අය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට ජාතික ජන බලවේගයෙන් පත් වී සිටින මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් ප්‍රශ්න කිරීම යනුම සමාජ පරිවර්තනයක් බවත් ඒ ගැන සතුටක් සතුටු බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් යම් අයෙකුගේ අතපහසුවීමක් හෝ අඩුපාඩුවකින් යම් දෙයක් වී ඇත්තේ නම් එවා නිවැරදි කරගෙන ඉදිරියට යන බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම හා නව කතානායකවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

Source : Lanka C News

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *