Mon. Sep 16th, 2024

තලතාගේ විශේෂ ප්‍රකාශයෙන් SJB ය දෙදරයි – සුළු පක්ෂත් අඩියක් පස්සට ගනී

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය විසින් පක්ෂය සහ පක්ෂ නායකයා විවේචනය කරමින් මන්ත්‍රී ධුරයත් පක්‍ෂ සාමාජිකත්වයත් අතහැරීමෙන් පසු එම පක්ෂය තුළ බරපතල මත ගැටුම් කිහිපයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

ඒ පක්ෂයේ ගමන් මග හා සජිත් ප්‍රේමදාස මහතාගේ ඇතැම් ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් තලතා අතුකෝරාල මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශයේ තිබු කරුණු හේතුවෙන්

බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත එම පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු තම ධුරයන්ගෙන් ඉවත් වීම හෝ දේශපාලන ස්ථාවරය වෙසන් කිරීමට වැඩි නැඹුරුතාවයක් පවතින බවද එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එම පක්ෂයට සම්බන්ධ වි සිටින සුළු ජාතික දේශපාලන පක්‍ෂද පවතින තත්ත්වය ඉතා සියුම්ව අධ්‍යනය කරමින් සිටින අතර ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට අවාසිදායක තත්ත්වයක් උදාවන්නේ නම් තම දේශපාලන ස්ථාවරයන් වෙනස් යළි සලකා බැලීමටද සූදානමින් සිටින බව වාර්තා වනවා.

දැනටමත් එම පක්‍ෂ නායකයන් පක්ෂවල සෙසු ඉහල නායකයන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙනවා.

මේ අතර පක්ෂයෙන් ඉවත් වේ යැයි සැක සහිත මන්ත්‍රීවරුන් ඉලක්ක කරමින් ඔවුන් සමග වඩාත් හිතවත්කමක් පවත්වා ගැනීම සඳහා පක්ෂ නායකත්වය වැඩි උනන්දුවකින් කටයුතු කර ඇති බවද දැනගන්නට ඇත.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *