Mon. Mar 17th, 2025

මේ බස් මාෆියාව අවසන් කල යුතුමයි – මාලිමා ආණ්ඩුව ගත්ත නිර්භීත පියවරට බාලගිරි දෝෂයද.? ..?

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම සිදුවූ මාරක බස් අනතුරෙන් අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි. තවත් පුද්ගලයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ.

මාර්ග අංක 48 යටතේ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබීයදී ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් එහි ගැටී ඇත. එම බස් රථය මාදුරුඔය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුවූ බව පොලීසිය පැවසුවේය.

මේ ඒ පිලිබඳව මතක් කරමින් බස් රථයක ගිය මගියෙකු විසින් ෆේස්බුක් වෙත එක් කර තිබූ සටහනක්.

උපුටා ගැනීම:

පහත ඡායාරූපයේ තියෙන්නේ අද තෝරයායේ සිදුවුනු බස් අනතුර. මම ඊයේ කොළඹ ආවේ වවුනියාව කොළඹ බස් රථයක. එකේ කොහොමටවත් හිටගෙන යන්න බෑ . බස් එකේ ඉන්න මගීන් එහාට මෙහාට විසි වෙනවා. බස් එක දිගටම අධික වේගයෙන් ගමන් කළේ. මාර්ග නීතියක් ගැන තුට්ටු දෙකට සැලකුවේ නෑ. රියදුරා ෆෝන් දෙකකින් කෝල් ගන්නවා. ස්මර්ට්ඵොනෙ එකකුයි පොඩි ෆෝන් එකකුයි යොදාගෙන.

කොන්දොස්තරලා දෙන්න මොනවා හර මත්ද්‍රව්‍යක් අරගෙන. මත්පැන් වෙන්න බැහැ. උන් දෙන්න වැළඳ ගන්නවා, කෝල් කරනවා, ඒක ඇතුලේ ඉන්න කාන්තාවන්ගෙන් ප්‍රශ්න අහනවා, ළමයි ඉන්නවද අහනවා එක විකාරයයි. මුළුමනින්ම බස් එක පාතාලයට නතුවෙලා තිබුණෙ. මම බස් එක මැද හරියෙ ඉඳගෙන සද්දයක් දැම්මා, කල්පනාවෙන් එලවන්න , වේගෙ වැඩී, ඕවටේක් කරන විදිය අණතුරු දායකයි කියලා.

මගියෝ බොහොම පහත් හඬින් මුනු මුනු ගෑවා. එච්චරයි. නිට්ටඹුව හරියෙන් ඉස්සරහම සීට් එකේ හිටපු කාන්තාවක් නැගිටපු නිසා මම ඒ සීට් එකට ඇවිල්ල වාඩිවුණා .
කොන්දල දෙන්න මට පේන්න රඟපානවා එක විකාරයයි.

එකෙක් කියනවා කවුද අර මැද්දෙ ඉඳලා සද්දෙ දාපු මිනිහා. එයා අල්ලගන්න ඕන කියලා. මම වහාම කිව්වා කිව්වා මම තමයි ඒ කියලා. ඔන්න එතකොට ඩ්‍රයිවර් ජනේලෙන් කෙළ ගහලා පිටිපස්සෙ හිටපු කාන්තාවකගේ මූණට බුලත් කෙළ ගිහිල්ලා. එයා කෑගහනවා මේ බස් එක ඇලවෙනවා වැඩියි කියලා.

එතකොට එක කොන්දෙක් කියනවා, මේ බස් බස් එකේ එක පැත්තක සොකට් ගිහිල්ලා තියෙන්නේ, අයිතිකාරයාට කිව්වට එයා ඒක හදලා දෙන්නේ නෑ, අපිට කරන්න කරන්න දෙයක් නෑ කියලා.

මගී ජනතාව ජනතාව, මෙහෙම ඕන දෙයක් වෙද්දෙන් කියලා, කරබගෙන ඉන්න පුරුදු පුරුදු වුණේ ඇයි කියලා හිතාගන්න වත් බෑ. අනතුරක් උනොත් ඉන්සියුරන්ස් එකක් හෝ කිසිම ආධාරයක් ලැබෙන්නෙ නෑ. තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්ඩ ඕනෙ කියල හිතන්න එපැයි.

මේ ආණ්ඩුව ආපු ගමන් මාර්ග අනතුරු වළක්වන්න ප්‍රමුඛස්ථානය දෙන්න ඕන කියලා ඒ ප්‍රශ්න විසඳන්න උත්සාහයක් ගත්තා. මාධ්‍ය කාරයෝ ආණ්ඩුව ඒකට හාස්‍යයට ලක් කරන්න කටයුතු කළා. පොලිසියත් හිතා මතාම වැඩේ ඒ පැත්තට ඇදගෙන ගියා. හරියට නම් තිබ්බේ මගී ජනතාවට පාරට බැහැලා ආරක්ෂාව තහවුරු කරන්න කියලා ඉල්ලන්න. ඒත් වුනේ ඒකෙ අනිත් පැත්ත. ඒ වැඩ පිළිවෙලේ අඩුපාඩු හොයන්නයි හිනාවෙන්නයි පටන ගත්තා. ආණ්ඩුව පියවරක් පස්සට ගත්තා. ගහපු බෙරේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. මිනිස්සු කබලෙන් ලිපට වැටුණා . ඊයෙ බස් එකේ ගත්ත පොටෝ ටික කොමෙන්ට් කරනවා.

Jayantha Kahatapitiya

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *