Mon. Sep 16th, 2024

ක්ලබ් වසන්තගේ දේහය නොතබන්නැයි මල්ශාලාවට ආ කෝල් එක අරන් තියෙන්නේ මාතලේ සිසුවියකගේ නමින් තියෙන සිම්පතකින්..!

ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් නොකරන ලෙස පෞද්ගලික මල්ශාලාවට තර්ජනාත්මක ඇමතුම් ලබාදී ඇත්තේ ‍මාතලේ ප්‍රදේශයේ පදිංචි කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවියකගේ නමට ලියාපදිංචි සිම්පතකින් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

කෙසේ වෙතත් අදාළ සිසුවිය එම සිම්පත භාවිත නොකරන අතර එය භාවිතා කරමින් ඇමතුම ලබාදුන් පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

නමුත් එම ඇමතුම් ලබාදුන් ක්‍රියාවලිය තුළින් විමර්ශන නොමඟ යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මකවී ඇත්දැයි පොලිසීය සැකපළකරයි.

මෙ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8 වෙනිදා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවේ පසුවන අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු දුලාන් සන්ජුල කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කර යවා තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ, ඔහුගේ ආරක්ෂාව සලකා මහර බන්ධනාගාරයට ඊයේ (14) දිනයේදී මාරුකර යැවුණු බවය.

ඔහු ජුලි 22 වනදා යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එදිනට ඔහු රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

මේ අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය සහ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

ඒ අතරින් ක්ලබ් වසන්තගේ බිරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *