Mon. Sep 16th, 2024

සජිත්, අනුර දෙන්නම ඉවරයි – රනිල් සහය දෙන පොදු අපේක්ෂකයා ෆීල්ඩ්මාර්ෂල් SF..?

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙසින් නැවත වතාවක් තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත්වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

විශේෂයෙන්ම 50% ඉක්මවූ පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගැනීමට තවමත් දැනට ඉදිරිපත් වී ඇති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රමදාස හට හෝ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක හට ලබා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ආගමනයත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති.

එමෙන්ම මේ ලියුම්කරුගේ කියැවීම අනුව දැනටමත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට පොහොට්ටුවේ බහුතර බලය ලැබී ඇති පසුබිමක වූවත්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහය නොලැබීම නිසා අවධානමක පසුවන්නේය යන්න වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තේරුම් ගත හැකි වුවහොත්, තමන්ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාසව මෙල්ල කොට, සජිත් ප්‍රේමදාස නායකත්වය දෙමින් වෙනම පක්ෂයක් සාදා තමන්ගේ එක්සත් ජාතික පක්ෂය විනාස කලාක් මෙන්, සජිත්ගේ සමගි ජන බලවේගය පක්ෂයද සුනු විසුනු කොට දැමිය හැකි ක්‍රමය ලෙසින්ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෝ වෙනත් පොදු අපේක්ෂකයෙක්ට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහය ලබා දීම පෙන්වා දිය හැක.

පොහොට්ටු බහුතරය රනිල්ට කැමතියි – ධම්මිකට අකමැතියි

දැනට වාර්තා වෙන දේශපාලන ආරංචි මාර්ග අනුව මේ වනවිට පොහොට්ටුවේ බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්ව ඇති ව්‍යාපාරික ධම්මික පෙරේරාට අකමැත්ත ප්‍රකාශ කල ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ඉතිරී සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග  හිරු නාලිකාවේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා අදහස් පළ කරන ලදී.

පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය නොදුනහොත් ඔවුන් පුද්ගලික මට්ටමෙන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බවත් හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු යැයි මතයක සිටින්නේ පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ඉතා සුළු පිරිසක් බවද ඔහු කියා සිටියේය.

දැනට ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී නියෝජිතයන් සමඟ කරන සාකච්ඡාවලදී ද ඔවුන් බහුතරයක් ද ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාට අපේක්ෂකත්වය දිය යුතු බව යයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

චම්පික සහ රාජිත එන්නෙත් රාජපක්ෂවරු නැති තැනකට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකත්වයට පැමිණ ඇති හෙයින් ඊට සහයෝගය දැක්විය යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

එදා කවුරැත් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය නොදුන්නේ නම් යුද්ධයට වන්නේ කුමක්දැයි සේනාරත්න මහතා මෙහිදී ප්‍රශ්න කළේය.සියලු බල මණ්ඩල කැඳවා තමා රටේ දැන් තත්වය ගැන පැහැදිලි කළ බව පැවසූ මන්ත්‍රීවරයා යුද්ධ වෙලාවේදී තමා එදා ආණ්ඩුවට ගියේද තුන් සැරයක් බල මණ්ඩල කැඳවා බවද ප්‍රකාශ කළේය.

“ ඒ ගියා වගේම තත්වයක් තමයි දැන් තියෙන්නෙත්. තවම මගේ තීන්දුවක් නෑ. තීන්දුව ගන්නකොට මම ඕගොල්ලන් ඔක්කොම අාපහු කැඳවනවා කියලත් කිව්වා. මේක කඩාකප්පල් කළොත් රටට ඇතිවන තත්වය ගැනත් මම ඒ අයට විස්තර කළා. එකඟ කට්ටිය ඉන්න අනෙක් කට්ටිය යන්න කියලත් මම කිව්වා යැයි රාජිත සේනාරත්න මහතා පැවසීය.

තමා ආණ්ඩුවට යෑමට යම් විදිහකින් හෝ තීන්දු කළොත් එතන රාජපක්ෂවරුන් සිටිනවානම් ඒක ප්‍රශ්නයක් වන බව ඔහු සඳහන් කළේය. සේනාරත්න මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ ඊයේ ( 15) රාත්‍රී පැවති සාකච්ඡාවකදීය.

මිහිඳු ෆොන්සේකා.
අපේ රට

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *