Sun. Sep 8th, 2024

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය අනාවරඛණය කර ඇත.

තෝමස් මැතිව් කෲක්ස් පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙකි. මැතිව් කෲක්ස් සම්බන්ධයෙන් නිල තොරතුරු කිසිවක් මෙතෙක් ආරක්ෂක අංශ මාධ්‍යවලට නිකුත් කර නැත.

ස්නයිපර් තුවක්කුකරු ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර 8 ක් එල්ල කළ බව ද පැවැසෙයි. එක් වෙඩි ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ මුහුණ තුවාල වූ නමුත් ඔහු යහතින් පසුවන බව තහවුරු වී ඇත.

වෙඩික්කරු හිටියේ වහලේ

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම කළේ, එළිමහනේ මැතිවරණ රැළිය පැවැත්වුණු ස්ථානයට අඩි 400 ක් කීපයක් දුරින් පිහිටි ගොඩනැගිල්ලක වහලයේ සිටය.

ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී පෙරළා වෙඩි තබා ස්නයිපර් තුවක්කුකරු ඝාතනය කළ බවත්, ඔහු කවුරුන් ද යන්න සහ ඔහු භාවිතා කළ ගිනි අවිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

වෙඩික්කරු ඇමෙරිකාවේ සන්නද්ධ අන්තවාදී කල්ලි සාමාජිකයෙකු ද, විදෙස් කුලී හේවායකු ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සොයා බැලෙමින් පවතී. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද වෙඩි වැදී රෝහල්ගත කළ ට්‍රම්ප් සමග දුරකතනයෙන් සාකච්ඡා කළ බව ද වාර්තා වේ.

වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප් සුළු තුවාල ලැබුවේය. රැලියට සහභාගී වූ එක් ට්‍රම්ප් ආධාරකරුවකු වෙඩි වැදී මියගිය අතර, තවත් බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනකු කඩිනමින් රෝහල්ගත කෙරුණි.

ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ

පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළිය අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල වෙයි.

ට්‍රම්ප් රැළිය අමතද්දී, වෙඩි තැබීම කළ ස්නයිපර් තුවක්කුකරු, අඩි 400 ක් පමණ ඈතින් පිහිටි උස් ගොඩනැගිල්ලට ගොඩවන අයුරු දුටු රැලියට සහභාගී වූ එක් අයකු ඒ බව ට්‍රම්ප්ගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පැවැසුවත්, ඔවුන් එය ගණනකට නොගත් බව පැවැසෙයි.

සිද්ධියෙන් තැති ගත් ග්‍රෙග් නමැති එම ට්‍රම්ප් ආධාරකරු ඔහු දුටු දේ සහ ඔහු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කළ බව බීබීසී මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

‘වහලයට කෙනෙක් නගිනවා මම දැක්කා. මම ඒක ආරක්ෂක නිලධාරීන්ට කීවා. ඒත් ඔවුන් මාව ගණන් ගත්තේ නැහැ. එසැණින් වෙඩි හඩ අසන්න ලැබුණා” යැයි ග්‍රෙග් නමැත්තා පවසා තිබේ.

ග්‍රෙග් නැමැති පුද්ගලයා බීබීසී පුවත් සේවයට තමන් දුටු දේ පැහැදිලි කරමින් …

 

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *