කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ රාත්‍රීදීයි.
පසුගිය දා ඔහු සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මෙලෙසෙ අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දී.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්ව තිබු අතර මියයන විට ඒ මහතා 46 වන වියේ පසුවුණා.
අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අනතුර සිදුව තිබුණේ, රාත්‍රී කාලයේ දී වන අතර, කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
ආචාර්ය ගයන්ත මහතා දකුණු පළාතේ බෙලිඅත්ත ප්‍රදේශයේ උපත ලැබූ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගෙන තිබෙනවා.
පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) ද සම්පූර්ණ කර ඔහු ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමෙන් උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සහ මනෝ චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව ද ලබා ගෙන තිබේ.
මුලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර, පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ගෙන ගිය ඔහුඅවසාන කාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.
ඔහුගේ ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව, ආචාර්ය ගයන්ත මහතා ‘ප්‍රේරණාත්මක කථිකයෙකු’ ලෙස ද, උපදේශන මනෝවිද්‍යාව හා මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස ද ක්‍රියා කර ඇත.
ආචාර්ය ගයන්ත මහතාගේ අභාවය පිළිබඳ පුවත පැතිර යාමත් සමඟම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ හිටපු ශිෂ්‍යයන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ මතකයන් අවදි කරමින් ශෝක පණිවුඩ පළ කර ඇත.
ඒ අනුව, ඔහු හුදෙක් දේශකවරයෙකුට වඩා ඔබ්බට ගිය මානුෂීය හදවතක් තිබූ ආදරණීය ගුරුවරයෙකු ලෙස බොහෝ දෙනා විසින් සිහිපත් කරනු ලැබේ.
Source – Hiru Gossip