Mon. Jan 27th, 2025

“මගේ දුවව ඒ වෙලාවේ එයාලාට ICU දාන්න තිබ්බා.. දන්නේ නෑ එයාලා ස්කෑන් එකකට නේ ගෙනියනවා කිව්වේ ඒ වෙලාවේ…” නොසැලකිලිමත්කම නිසා සදහටම සමුගත් සුන්දර යුවතියක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න…

ඇත්තෙන්ම සුන්දර යුවතියක්.. ඒත් දැන් කාගේත් ආදරය දිනාගත්ත දෙව්මිණි සියල්ලන් අත්හැරදා ගිහින්..

ඇගේ මරණයට හේතුව වෛද්‍ය කාර්යමණ්ඩලයේ නොසැලකිල්ලද..? මේ ඇයගේ ජීවිතය ගැන ඇසෙන අනුවේදනීය කතාවයි.. ඇය දෙව්මිණි චමත්කා ඇයට මේ වෙනකොට වයස අවුරුදු 22යි..

මෙවර ඇය නැවත වරක් උසස්පෙළ විභාගයට ඉදිරිපත් වී තිබුණා.. ඇයටත් ජීවිතයේ බලාපොරොත්තු ගොන්නක් තිබෙන්නට ඇති ඒත් පසුගිය 17 වැනිදා ඇගේ ජීවිතයට වගේම ඇයට ආදරය කරන සියලු දෙනාගේ ජීවිතවලට අඳුරු දවසක් වුණා..

දෙව්මිණි පසුගිය 17 අලුයම ඇතිවූ අපස්මාරය රෝගී තත්වය හේතුවෙන් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබුණා.. ඉන්පසු ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරුණේ දියතලාව මූලික රෝහලටයි..

එහිදී ඇයට නිසි ප්‍රතිකාර නොලැබූ බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමට ප්‍රමාද වූ බව කියා ඇගේ මව්පියන් වගේම හිතවතුන් රෝහල් කාර්යමණ්ඩලයට චෝදනා කරනවා..

ඔවුන් පවසන්නේ ඇයව ICU එකට ඇතුළත් කිරීමට ප්‍රමාද වූ නිසාත් කඩිනමින් බදුල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර නොගත් නිසාත් මේ අවාසනාවන්ත ඉරණම ඇයට අත්වූ බවයි..

Hiru Gossip

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *