Mon. Sep 16th, 2024

ට්‍රම්ප්ටත් වෙඩි තිබ්බා.. සජිත්ගේත් ආරක්ෂාව අනතුරේ..වහාම ආරක්ෂාව තරකරන්න.

‘‘අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් විශාල කණගාටුවක් තිබෙනවා. ලංකාවෙත් ඇතැම් දේශපාලන පක්ෂ ඔවුන්ගේ අරමුණු ඉටු කරගැනීමට නොහැකි වුණාම මෙවැනි ක්‍රම අනුගමනය කරලා තිබෙනවා. මෙවැනි දේශපාලනයෙන් අපි ඉවත් විය යුතුයි. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා බැලිය යුතුයි. ඔහුට අවශ්‍ය නිසි ආරක්ෂාව ලබාදීම වර්තමාන රජයේ වගකීමක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කරන්නේ ආයුධවලින් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදි රටක දේශපාලනය කරන්නේ ජනතාවගේ කැමැත්තෙන් සහ මැතිවරණවලින්.

අද (14) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ පැවැසීය.

මැතිවරණයක් ආසන්න මොහොතක වර්තමාන රජය විධායකයේ බලතල භාවිතා කරලා පැවැත්වීමට තිබෙන මැතිවරණය දිනා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මේ අතරින් එක් ක්‍රියාමාර්ගයක් තමයි ආණ්ඩුකාරවරු හරහා විවිධ පත්වීම් සිදුකිරීම. පළාත් පාලන ආයතනවල වැඩ අධික්ෂණය සඳහා පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන්න පිරිසකට පත්වීම් ලබාදීලා තිබෙනවා. මෙය සම්පුර්ණයෙන්ම නීති විරෝධි කටයුත්තක්. වහාම මෙම පත්වීම් අත්හිටුවන්න ආණ්ඩුකාරවරු ඇතුළු රජය කටයුතු කළ යුතුයි. ඒ වගේම මෙම පත්වීම් ඉවත් කරගන්නා ලෙස මැතිවරණ කොමිසමද දැනුම් දී තිබෙනවා.මැතිවරණයක් ආසන්න මොහොතක පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා දුන්න පිරිසට පළාත් පාලන ආයතනවලට ඇතුළු වීමටවත් ඉඩක් ලබානොදිය යුතුයි. රටේ ආර්ථිකය හදන්න පුලුවන්, නමුත් රටේ ආර්ථිකය හදන්න රට තුළ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතුයි.

ඒ වගේම මත්පැන් අලෙවි සැල් සඳහා බලපත්‍ර ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ මත්පැන් අලෙවි සැල් සඳහා බලපත්‍ර ලබාදීලා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. මත්පැන් අලෙවි සැල් සඳහා බලපත්‍ර ලැබුණ මන්ත්‍රීවරු එය සමාගම් වලට විකුණලා ඒ හරහා මුදල් උපයාගෙන ඔවුන්ගේ දේශපාලන වැඩකටයුතු සිදුකරනවා. දුෂණ විරෝධි කොමිසන් සභාව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළ යුතුයි. රටේ පවතින මැතිවරණ ක්‍රමය සුද්ද නොකර ජනතාවගේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න නොහැකියි.ඒ වගේම මත්පැන් අලෙවි සැල් සඳහා බලපත්‍ර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ටත් ලබාදී තිබෙනවානම් නීතිය එක හා සමානව සියලු දෙනාට ක්‍රියාත්මක විය යුතුයි.

විදෙස් රටවල සිට ලංකාවට පැමිණෙන සංචාරකයන් විසා බලපත්‍රයක් ලබාගත යුතුයි. ඒ වීසා බලපත්‍රය ඔන්ලයින් නිකුත් කරන්න ජාත්‍යන්තර සමාගමකට ලබාදෙන බව රජය පැවැසුවා. වී එෆ් එස් කියන ආයතනයට මේ කාර්යය සිදුකිරිමට ලබාදෙන බව තමයි සඳහන් කළේ. නමුත් වී එෆ් එස් කියන ආයතනයට වීසා නිකුත් කිරිම සඳහා බලතල ලබාදිලා නෑ. නමුත් එම ආයතනයේ නම භාවිතා කරමින් තමයි මේ වැඩකටයුත්ත රජය සිදුකරන්නේ. ජී.බී.එස්. ටෙක්නොලොජි සර්විසස් හා අයි.වී.එස්. ග්ලෝබල් – එෆ්.ඉසෙඩ්.සී.ඕ. ආයතනය තාක්ෂණික සහය සපයන ආයතනය ලෙස භාවිතා කරලා වෙනත් සමාගමක් හරහා තමයි වීසා නිකුත් කිරිම සිදුකරගෙන ගොස් තිබෙන්නේ. වීසා නිකුත් කිරිමේ ප්‍රතිලාභය ලබන්නේ වී එෆ් එසේ ආයතනය නෙවෙයි. රජය හිතනවා රටේ ඉන්නේ මෝඩ ජනතාවක් කියලා. මේ වංචාව හරහා රටට අහිමිවන මුදල් ප්‍රමාණය බැදුම්කර වංචාවටත් වඩා වැඩියි. මේ පිළිබඳව ප්‍රශ්න කරන්න එම නිලධාරින්ට මුදල් කමිටුවට පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ඔවුන් පැමිණියේ නෑ. පසුව නැවත කළ දැනුම් දීමකදී ඔවුන් පැමිණියා.

වීසා නිකුත් කිරිම 2012 සිට කරගෙන ගියේ ශ්‍රී ලංකාවේ සමාගමක් වන මොබිටෙල් සමාගම. වීසා නිකුත් කිරිමේ ක්‍රියාවලිය යාවත්කාලීන කරන ලෙස මොබිටෙල් සමාගම ඉල්ලම් කළා. නමුත් එය සිදුකළේ නෑ. අවසානයේ වෙනත් සමාගමකට විසා නිකුත් කිරිම ලබාදීම සිදුකළා. වීසා නිකුත් කිරිම හරහා දත්ත පිටතට යාමේ අවදානමක් තිබෙනවා. දත්ත සොරකම් කිරිමේ වැඩපිළිවෙළවල් දිගින් දිගටම ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මේ සඳහා තිබෙන නිති රාමුවේ අඩුපාඩු තිබෙනවා. ඒම නීති යාවත්කාලින කළ යුතුයි. මේ අතර trek trendy කියන යු ටියුබ් චැනලය සඳහන් කරනවා 2024 මැයි මාසයේ ලංකාවේ දත්ත සොරකම් කරලා තිබෙනවා කියලා. ඒ නිසා වීසා නිකුත් කිරිම වෙනත් ආයතනයක පැවරිමේදී විනිවිධභාවයකින් සහ සොයාබැලීමක් සිදුකර ලබාදීම සිදුකළ යුතුයි. මේ කිසිවත් නැතිව තමයි විසා නිකුත් කිරිම විදෙස් සමාගමකට භාර දෙන්න රජය කටයුතු කරලා තිබෙන්නේ. මේ හරහා රටට විශාල මුදලක් අහිමිවෙනවා. ඒ වගේම බිලියන ගණන් මුදලක් වංචාවක්ද මේ හරහා සිදුවෙනවා. විසා ලබාදීමේ ක්‍රමවේදය හරහා සිදුවුණ ගනුදෙනුව පිළිබඳව විද්‍යාත්මක තාක්ෂණිත විගණනයක් සිදුකළ යුතු බව මුදල් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙනවා. මැතිවරණයක් ආසන්නයේ තිබෙන මොහොතක මෙවැනි වංචා සිදුවීම් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *