Fri. Jan 24th, 2025

මහ මෝලුන් තිදෙනා තුට්ටු දෙකට වී ගත්තා – ඉස්සරහට එහෙම බෑ…!

පසුගිය ආණ්ඩුව හා සම්බන්ධ වුනු මහා පරිමාණ වීමෝල් හිමියන් තිදෙනකු ගොවීන්ගේ වී අස්වැන්න තුට්ටු දෙකට මිලට ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ගොවීන්ට විශාල වශයෙන් පාඩු සිදුව ඇති බවත් එනිසා වත්මන් ආණ්ඩුව යටතේ ගොවීන්ගේ වී මිලදී කියන සඳහා විශාල මුදලක් යෙදවීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේ ආරක්ෂිත තොගයක් රජය සතුව පැවතීම මත මහා පරිමාණ මෝල් හිමියන්ට පාරිභෝගිකයා හෝ රජය පීඩාවට පත් කිරීමට හැකියාව නොලැබෙන බවද ඒ මහතා කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

සහල් පාලන මිල ඉවත් කරන්න තීරණාත්මක සාකච්චාවක්..!

සහල් පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය සමග සාකච්චා කරමින් සිටින බව සහල් ආනයනකරුවන් කියා සිටිති.

ඩොලරයේ මිල ඉහළ යාම හේතුවෙන් සහල් ආනයනයේදී මතුව ඇති ගැටළු නිරාකරණයට සඳහා කෙටි කලකට පාලන මිල ඉවත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාව සිදුවෙයි.

මේ හරහා නැවතත් ජනතාවට සහල් වැඩිවිලට ගැනීමට සිදුවීමේ අවදානමක් මතුවීම පිලිබචද අවදානය යොමුව ඇත.

ගොවි ජනතාවට බලපෑමක් නොවන ආකාරයට වෙළෙඳපොලේ සහ සුලභ කිරීම සඳහා යම් අවස්ථාවක් ඇත්දැයි රජය සැලකිලිමත් වෙමින් සිටී.

අානයනික සහල් සඳහා පනවා ඇති බදු අඩු කිරීම හෝ පාලන මිල ඉවත් කරන ලෙස අවස්ථා ගණනාවකදීම සහල් ආනයනකරුවන් රජයෙන් ඉල්ලා සිටියේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *