Mon. Jan 20th, 2025

ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61 ලංකාවට තෙල් බෙදන්න වැඩියි..අපිට 24ක් තිබ්බොත් ඇති..ඉතිරි ඒවා ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..! – ජනපති

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල තෙල් ටැංකි සංකීර්ණ ඇති බවත් ඉන්දීය තෙල් සංස්ථාවේද තෙල් ගබඩා ඇති බවත් පැවසු ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයට මෙතරම් තෙල් ටැංකි ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවත් සඳහන් කරයි.

ත්‍රිකුණාමලයේ එසේ වැඩි වන තෙල් ටැංකි 61 ඉන්දීය සමාගමක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව තෙල් ස්පිරිපහදුවක් ඉදිකිරීමට සාකච්ඡා සිදුකරමින් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එහි තෙල් පිරිපහදුවක් ඉදිකර තෙල් ටැංකුවල ගබඩා කිරීමෙන් අනතුරුව ලෝක වෙළඳපොලට තෙල් සපයන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුව ඇති බවද ඒ මහතා කියා සිටී.

කළුතර ප්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

මා ඊළගට යන්නේ එමිරේටයටයි.. වාසියට තෙල් ගේන්න සාකච්චා කරනවා..

මීළඟ නිල සංචාරය ලෙස තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තමන්ට මේ වන විටත් නිල ආරාධනයක් ලැබී ඇති බව ජනාධිපතිවරයා කළුතර පැවති ජන හමුවකදී පැවසුවේය.

ශ්‍රී ලංකාවට වාසිදායක රජයට රජයට ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව රජය විසින් සොයා බලන බව ජනාධිපතිවරයා තව දුරටත් පැවසීය.

Source : Lanka C News

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *