බස්නාහිර භාරව සංජීව ධර්මරත්න – STF නව ප්‍රධානියා සමන්ත ද සිල්වා
පොලිස් මාරු සියය පනී
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05 දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 07 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම මාරුකිරීම් සිදුකර තිබේ.
ඒ අනුව වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා දකුණු පළාතටත් නැඟෙනහිර භාරව සිටි අජිත් රෝහණ මහතා වයඹ පළාතටත් මාරුකර යවා ඇත.
දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සබරගමුව පළාතට මාරුකර යවා තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා නැඟෙනහිර පළාත භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.
මේ අතර ඌව පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී. කරුණානායක මහතා විශේෂ ආරක්ෂක දිසාව භාරව පත්කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරියා ලෙස පත්කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ඩී. ජී. සමන්ත ද සිල්වා මහතා ය.
සමන්ත ද සිල්වා මහතා මාදම්පේ ශ්‍රී සුගතානන්ද මහ විදුහල, නාලන්ද මහ විදුහල සහ නාත්තන්ඩිය ධම්මිස්සර යන විදුහල්වල අධ්‍යාපනය ලැබ 1986දී ශ්‍රී ලංකා පොලිසියේ සේවයට බැඳී ඉක්බිතිව විශේෂ කාර්ය බළකායට එක්විය.
උතුරු නැඟෙනහිර ක්‍රියාන්විතයන්ට සක්‍රීයව එක්වූ දක්ෂ නිලධාරියකු වූ ඔහු විශේෂ කාර්ය බළකායේ සිව්දෙනාගේ කණ්ඩායම් බළඇණි ස්ථාපිත කිරීමට එක්වී එහි මුල්ම කණ්ඩායමට එක්වී රටේ නමගිය අපරාධ කිහිපයකම සුලමුල සොයා ගැනීමට සමත් විය. සීගිරියේ එකල දියත් වූ මහා ජාවාරමක් අල්ලා ගැනීමට හා විදේශිකයන්ගෙන් කොල්ලකෑ බඩු ඇල්ලීමේ මෙහෙයුමට ද ඔහු එදා නායකත්වය දුන්නේය. උතුරු නැඟෙනහිර යුද සමයේ කන්කුඩිච්චිආරු තංගලවේලාපුරම් මෙහෙයුමේදී තුවාල ලැබීය. ඔහු ඇමැති ආරක්‍ෂාව භාරව කටයුතු කරමින් සිටි අවදියක ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ජීවිතක්‍ෂයට පත්වූ අතර එම අවස්ථාවේදී ඒ මහතාගේ දිවිය බේරුණේද අනූනවයෙනි ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරය දරද්දී පොලිස් මූලස්ථානය (පරිපාලන අධ්‍යක්ෂ) පොලිස් දුක්ගන්නාරාල, ඇමැති ආරක්ෂක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධිකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස්පති ලේකම් කොට්ඨාස අධ්‍යක්ෂ (සැලසුම්) ආදී විවිධ පදවි ද දැරූ අතර, නව පදවියට පත්වීමට පෙර කිලිනොච්චිය හා මුලතිව් දිසාව භාරව ද කටයුතු කළේය.
වන්නිය සහ මන්නාරම භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා මුලතිව් හා කිලිනොච්චිය දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා තිබේ.
මේ අතර බස්නාහිර පළාත භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කළ සංජීව ධර්මරත්න මහතා පොලිස් මූලස්ථානයේදී ඊයේ (08 දා) සුබ මොහොතින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
පානදුර ශ්‍රී සුමංගල විiාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරු සංජීව ධර්මරත්න මහතා කොළඹ නාලන්දා විiාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබාගත්තේය. කොළඹ විශ්වවිiාලයේ විiා පීඨයට ඇතුළු වී ඉන් පිටවන්නේ විiාවේදී (භෞතික විiා) උපාධිධාරියකු ලෙසය.
1999 වර්ෂයේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිස් සේවයට එක්වන ඒ මහතා පොලිස් දිස්ත්‍රික්ක කොට්ඨාස භාර නිලධාරියකු මෙන්ම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස සෑම ප්‍රදේශයකම රාජකාරි කළේය. 2020 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වීමෙන් පසු සංජීව ධර්මරත්න මහතා උතුරු පළාත ද ඇතුළුව දිවයිනේ පළාත් 06ක් භාර නිලධාරියා ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට මහඟු සේවයක් ඉටු කළේය.
උතුරු නැඟෙනහිර යුද්ධය දරුණුවට පැවැති සමයේ සංජීව ධර්මරත්න මහතා එවකට සේරුනුවර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කරමින් රාජකාරියට එහා ගිය සේවයක් ලෙස මායිම් ගම්මානවල ගුරුවරුන් නොමැති පාසල්වල දරුවන්ට ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ස්වෙච්ඡාවෙන් ඉගැන්වීමට කටයුතු කළේය.
පොලිස් සේවයට එක්වීමෙන් පසු ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයෙන් අපරාධ විiාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව ද ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිiාලයෙන් කළමනාකරණය පිළිබඳ විiාපති උපාධිය ද ලබාගෙන ඇත. එමෙන්ම සංජීව ධර්මරත්න මහතා ඔස්ටේ්‍රලියාව, ජපානය, ස්කොට්ලන්තය, ඇමරිකාව, රුසියාව යන රටවල විශ්වවිiාල සහ පොලිස් විiාලවල අධ්‍යාපනය සහ පර්යේෂණ අත්දැකීම් ලැබූ නිලධාරියෙකි.
මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් ළඟදීම මාරුකර යැවීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම මාරුකිරීම් එකවර ක්‍රියාත්මක නොකරන බවත් කුඩා කණ්ඩායම් වශයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් මෙන්ම උසස් නිලධාරීන් මාරුකර යැවීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග කීය.
පොලිස් මූලස්ථානය මගින් අනුමැතිය සඳහා එවා ඇති පොලිස් මාරුකිරීම් ජාතික පොලිස් කොමිසමේ දැඩි පරීක්ෂාවට ලක්කරන බව ද වාර්තා වෙයි.
හේමන්ත රන්දුණු