Sun. Sep 8th, 2024

19න් පහල ශ‍්‍රී ලංකා නායකයා අම්බලන්ගොඩදී වෙඩි තබා ඝා’තනය කරයි..!

ගාල්ල අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතිබව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ 2002 වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ බව පොලිසිය පවසයි.

මොහු දැනට විදේශ ගතව සිටින පතාල කල්ලි සාමාජික සුරංග මානවඩු නැමැත්තාගේ හිතවතෙකු බව මෙතෙක් සිදුකර විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයා නිවස ඉදිරිපිට රැඳී සිටි අවස්ථාවේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙ.

41 හැවිරිදි වියේ පසු වූ ධම්මික නිරෝෂණ දෙදරු පියෙකි.

ඔහු මෑතකදී ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

ඝතනයට ලක් වූ ධම්මික නිරෝෂණ අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර චෝදනා ලැබ සිටි අයෙක් නොවන බව පොලිසිය පවසයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මේ අතර පසුගිය කාලයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීම කිහිපයක්ම සිදුවිය.

එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූවන්ගෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් ඉලක්ක කරගෙන මෑත කාලය තුළ එල්ල වූ වෙඩි ප්‍රහාරය මෙය බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *