රිලවුන් වගාවන් සදහා සිදු කරන හානිය කොටි ගණන් බවත්, රිලවුන් වද කිරිම සදහා රජය ගෙන ඇති තිරණය ක්‍රියාත්මක කල යුතු බව සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ කොත්මලේ මහසෑයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් මහවැලි මහසෑය චෛත්‍යාරාමයේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ රිලවුන් මුළු දිවයිනේම වගාවන් වලට හානි සිදු කරන බවත්, එම සතුන් වද කිරිමට රජය ගෙන ඇති යෝජනාවට ඇතැම් පාර්ශව විරුද්ධ වුවද, ගොවින්ගේ පාර්ශවයෙන් බලන විට එය සාධාරණ බවත්, ශ්‍රි ලංකාව බෞද්ධ රටක් නිසා සෑම කරුණක් කෙරෙහිම අවධානය යොමු කර සුදුසු පියවරක් ගත යුතු බවයි.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වි මාස තුනක් වැනි කෙටි කාලයක් ගත වි ඇති බවත්, සහල් සහ පොල් හිගයට මේ වන විට විසදුම් ලබාදෙමින් පවතින නිසා රජයේ ඉදිරි වැඩපිලිවෙල සිදු කරගෙන යාමට ඉඩ ලබාදිය යුතු බවයි නවින් දිසානායක මහතා කියා සිටියේ.
තවද රාජ්‍ය යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාමට පළපුරුදු පාර්ශව නොමැතිකම නිසා ගැටළු මතු වන බවත්, පවසන නවින් දිසානායක මහතා කියා සිටියේ ව්‍යාජ අචාර්ය උපාධියක් පෙන්වා කථානායකවරයා වීම ගැන අශෝක රන්වල මහතා රටේ ජනතාවගෙන් සමාව ගත යුතු බවයි.
රවි කරුණානායක මහතා සහ ෆයිසර් මුස්තාෆා මහාතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් විම පිලිබදව තමන්ට කිසිදු ගැටළුවක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වි කටයුතු නොකලහොත් ඉදිරියේදි දෙපාර්ශවයටම කිසිදු ජයග්‍රහණයක් ලබාගැනිමට නොහැකි බවයි නවින් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
– රංජිත් රාජපක්ෂ