පාර්ලිමේන්තුවට පත් වී සිටින සියලු මන්ත්‍රීවරුන් සඳහා ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මන්ත්‍රීවරයාගේ ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් සිය කාර්යයන් සිදුකළ හැකි බවද විෂය භාර ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි.
මන්ත්‍රීවරුන්ට අධි සුඛෝපභෝගී වාහන ලබාදීමක් සිදු නොවන බවද ඔහු පැවසුවේය.
මෙම පියවර ගන්නා ලද්දේ ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා බවත් හෙතෙම කියා සිටී.
පරිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා බදු නිදහස් වාහන බලපත්‍ර නිකුත් කිරීමට මෙතෙක් පැවැති රජයන් කටයුතු කරන ලද අතර නව රජය එය අත්හිටුවන බව මැතිවරණයට පෙර ප්‍රකාශ කරන ලදී.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් සඳහා මෑත කාලයේදී ද වාහන බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන ලද අතර ශ්‍රී ලංකාවට වාහන ආනයනය අත්හිටුවා තිබීම මත එම බලපත්‍ර ක්රමයද ක්‍රියාත්මක නොවීය.