Sun. Sep 8th, 2024

“ඒ කාලය මතක් වන විට ඇසට කදුලක් එනවා..” – වෙඩි වැදී මියගිය ක්‍රිකට් මිතුරා ගැන දම්මික ප්‍රසාද් කියූ දේ..!

සමහර මිතුදම් ඇත්තටම සදාකාලිකව අපේ මතකයේ රැදෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්..

ඔහුගේ නික්මයාම ඇත්තටම සමකාලීන මිතුරන්ට සංවේදී කරුණක්..

ඔහු නමින් ධම්මික ප්‍රසාද්.. අපි කවුරුත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්.. ධම්මිකගේ සමකාලීන මිතුරෙක් වුණ ධම්මික නිරෝෂන්ගේ හදිසි මරණය ගැන ඔහු සංවේදී සටහනක් පළ කරලා තිබුණා..

ඔහු 2002 වසරේ 19පහල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරන විට ධම්මිකත් ඒ කණ්ඩායමේම සාමාජිකයෙක්.. ඉතින් හදිස්සියේ සිදුවුණ තම මිතුරාගේ නික්මයාම ගැන ඔහු එක්කර තිබුණේ මේ වගේ සංවේදී සටහනක්..

“අතීතයේ වූ සිදුවීම් එකින් එක ගලා ගෙන එන්නේ එදා නවසිලන්තයේදී එන්ගල්න්තය සමග කාසියේ වාසිය පැරදී කණ්ඩායම් දෙකම පිතිකරණයේ යෙදීමට ලෑස්ති වූ සැටි සහ ඉන්පසු වූ සිදුවීම, අප නැවතී සිටි ලින්කන් university එකේදී වූ සුන්දර සිදුවීම් සහ 2001 සිට 2002 දක්වා අප ගෙවූ ඒ කාලය මතක් වන විට ඇසට කදුලක් ගෙන දේ,

2010 මාගේ ජිවිතයේ ගනන්ම කැවුම් අර ගෙන ආ හැටි සහ රුපියල් 1500 ට මා කැවුමක් කා කැවුම් 15ක් 15000ට හිනා වේවි උපුල් සමග අදටත් මතක් කරන නමුත් ඒ සුන්දර අතීතයන් අතීතයට එක්‌ කොට ඔබ අපෙන් සමු අරගෙනය.

ඉතින් මිතුර,
ඔබට සුබ ගමන්
ඔබගේ ආත්මය සමාදානයේ සැතපේවා,
ආමෙන්..”

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *