Mon. Sep 16th, 2024

සමගි බලවේගයෙන් ආණ්ඩුවට ඇත්තටම මන්ත්‍රීවරු යනවද.? රාජිතව, SFව පන්නන්න යන්නේ ඇයි.?

සමගි ජන බලවේගය සමග වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් එක්වීමෙන් එහි අභ්‍යන්තර ගැටලු මතුවී ඇති බව වාර්තාවෙයි. මෙතෙක් කල් සමඟ ජන බලවේගය සමග රැඳී සිටි ආසන සංවිධායකයන් මන්ත්‍රිවරුන් ඇතුළු පිරිස් මේ සඳහා විරෝධය දක්වමින් තිබේ.

ඊට හේතු වී ඇත්තේත් නව පිරිස් එක්වීමත් සමඟ එම පක්ෂයේ සිටින පිරිස් වලට පාර්ලිමේන්තුවට පිවිසීමේදී පවතින තරකාරිත්වය ඉහළ යාමයි.

එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ පක්ෂයට නවකයන් සම්බන්ධ කරගැනීමේදී දැනට සිටින පුද්ගලයන්ට පැත්තකට නොදැමිය යුතු බවයි.

SJB ෆොන්සේකා පන්නයි.. ඔහුගේ තැනට ජ්‍යෙෂ්ඨයෙක් බස්සයි..

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කර වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට එම ධුරය ලබාදීමට පක්‍ෂය විසින් තීරණය කර තිබේ.

එ් අනුව ෆොන්සේකා මහතා ඉදිරි දින කිහිපයේ පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට නියමිතව ඇත.

ඒ සමගම පක්ෂයේ නව සභාපතිවරයා පත් කිරීමටද නියමිතව ඇති අතර ඊට සමගාමීව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුද කඩිනම් කෙරෙයි.

කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්කර මීට අවශ්‍ය අනුමැතිය ද ලබා ගැනීමට නියමිතව තිබේ.

රාජිත SJB ජන රැලියෙන් පන්නයි..!

සමගි ජන බලවේගය විසින් මතුගමදී සංවිධානය කරන ජන හමුවක් සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට පැමිණීම තහනම් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකවරුන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තහනම ‍ප්‍රකාශයට පත් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් මෙරට ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා මෙම රැළිය පවත්වන බවද ඔවුන් එහිදී සඳහන් කළහ.

ෆොන්සේකා SJBන් පන්නනවා..

පාර්ලිමේන්තු මංත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට අවධානය යොමුව ඇතිබව එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මංත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

ඒ අනුව පක්ෂ කෘත්‍යාදිකාරි මණ්ඩලය රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතයි.

ඔහු පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණය මගින් ලබාදී ඇති වාරණය ඉවත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට සූදානම් බව පැවසීය. දිගින් දිගටම ඔහු පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කරයි.

පක්ෂයේ කිසිදු දෙයකට සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවන බව මංත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

 

පක්‍ෂයේ ඉල්ලීම අනුව විරුද්ද වුනාට මට සමාවෙන්න – කාවින්ද සමාව ගනී..!

මාර්ග ගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් තමන් ඒ පිලිබදව සමාව ඉල්ලා සිටින බවද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේය.එම පනත ඉතා වැදගත් බව තමන් එදා දුටු නමුත් එය මහා බිල්ලෙක් ලෙස එකල තමන්ට මවා පෙන්වූ බවද ඔහු සඳහන් කළේය.

පක්ෂයෙන් කරන ලද ඉල්ලී මත එම පනතට විරුද්ධව ඡන්දය ලබාදීමට සිදුවූ බවද පැවසු ඔහු කතා නායකවරයාගෙන් ඒ සම්බන්ධව සමාව අයද සිටියේය.

Source : Lanka C News

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *