Sun. Jan 19th, 2025

මඩේ එරුණු ඇතින්න ගොඩගන්න බෑ – බැකෝවකින් ඉස්සුවත් ඇවිදින්න වාරු නෑ..!

වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ ඒරුණු ඇතින්න ගොඩට ගැනීම සඳහා බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ඔසවා තැබුවද ඇතින්න වයසින් වැඩීවම සහ දුර්වල වීම හේතුවෙන් ඇවිදීමට නොහැකි බවට වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පැවසීය.

ඊයේ (30) දිනය පුරා උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහත ඇතුලු වනජීවි නිලධාරීන් විසින් පළමුව ඇතින්නට අවශ්‍ය ප්‍රතිකාර කොට නැගිටවීමට උත්සහ ගත්තද එය අසාර්ථක වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක් අදාල ස්ථානයට රැගෙන ගොස් පැය කිහිපයක දැඩි ප්‍රයත්නයක් දරා ඇතින්න ඔසවා තැබුවද ඒයද අසාර්ථාක වී ඇත.

අවුරුදු 50 කට වඩා වයසින් යුතු මෙම ඇතින්න දෙවරක් පමණ ගැබ්බර වී ඇති බවටත් වයසින් වැඩි ඉතා දුර්වල තත්වයේ සිටියදී අධික වර්ෂාව හමුවේ කුඹුර මතින් යාමේදී මඩේ එරීම නිසා ඇතින්න දැඩි සෙයින් දුර්වල වී සිටින බවට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පැවසීය.

බැකෝ යන්ත්‍රයෙන් ඔසව තැබුවද ඇවිදීමට වාරු නොමැතිවීම හෙුතුවෙන් ඇතින්න එම ස්ථනයේම තබා අවහ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකරන බවටද වව්නියාව වනජීවි කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

 

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *