Sat. Jul 27th, 2024

එදා රට වැටුණු වෙලේ සජිත්‍, අනුර කවුරු රට බාර ගත්තත් මේ සහයෝගය මේ විදිහටම අපි දෙනවා…!

 

එදා රට වැටුණු වෙලේ සජිත්‍ල අනුර කවුරු රට බාර ගත්තත් මේ සහයෝගය මේ විදිහටම අපි දෙනවා’ යයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

ස්වාධීන රූපවාහිනියේ කැඩපත වැඩසටහන හා එක්වෙමින් තෙන්නකෝන් මහතා පවසා සිටියේ එදා රට වැටුණු වේලාවේදී රට බාරගන්න සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වූයේ නම් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන සහයෝගය එලෙසින්ම ලබාදීමට තීරණය කර තිබූ බවයි.

‘මේක බොහොම වගකීමෙන් කියන්නේග ඒ වෙලාවේ කවුද රට බාරගන්න ඉදිරිපත් වෙන්නේ ඒ කවුරු ඉදිරිපත් උනත් අපි මේ අදට දෙන සහයෝගය ඒ භාරගත්ත කෙනාට දෙන්න සූදානම් වෙලා හිටියෙ.

අපි ඉස්සරහට දැම්මෙ අපේ දේශපාලන අනාගතේ නෙමෙයි. ඉස්සරහට දැම්මෙ ගිනි ගන්න රට නිවන්න.

ඒ වෙලාවේ ආවේ සජිත් ප්‍රේමදාස නං මේ සහයෝගය මේ විදියටම අපි එතුමටත් දෙනවා. මොකද ඒක දේශපාලන කුහකත්වය අපි ළඟ නැති නිසා. මොකද ඒ වෙලාවේ දේශපාලනය කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි.

ඒ වෙලාවේ බාරගත්තේ අනුර දිසානායක නම් අපි එතුමාට මේ දෙන සහයෝගයම කිසිම අඩුවක් නැතුව දෙනවා රට නිමන්න. රට අර්බුදයෙන් එලියට ගන්න’

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *