Sat. Jul 27th, 2024

එන්නතකුත් නැහැ – තවත් වෛරසයක් වසංගත මට්ටමටත් වඩා ඉහළට

අමෙරිකාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරස් රෝගී තත්ත්වයක් හඳුනාගෙන තිබෙනවා.

Human Metapneumovirus හෙවත් HMPV නමින් හැඳින්වෙන එම වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

Covid-19 ඇතුළු වෛරස් තත්ත්වයන් කිහිපයක අවදානම අඩුවෙමින් පැවතියද පරීක්‍ෂා කරන ලද සාම්පලවලින් 11% කට ආසන්න ප්‍රමාණයක් HMPV වෛරස ආසාදනයට ලක්ව ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම තත්ත්වය අමෙරිකාවේ සාමාන්‍ය පූර්ව වසංගත මට්ටමට වඩා 36% ක පමණ ඉහළ අගයක් ගන්නා බවයි අමෙරිකානු සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

HMPV සඳහා එන්නතක් ද නොමැති අතර ශ්වසන මාර්ගයට බලපාන වෛරස තත්ත්වයක් ලෙස මෙය සැළකෙනවා.

සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ට බලපෑම් කළ හැකි නමුත් මෙම වෛරසය කුඩා ළමුන්, වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් වැඩි අවදානමක් සහිත පුද්ගලයින් ලෙසයි සැළකෙන්නේ.

HMPV වෛරසයේ රෝග ලක්ෂණ දින දෙකේ සිට පහ දක්වා පවතින අතර වඩාත් කැස්ස, උණ, නාසයේ තදබදය සහ හුස්ම සිරවීම මෙහි පොදු රෝග ලක්ෂණ වනවා.

ඒ අනුව වෛරස් තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා කැස්ස හෝ කිවිසුම් යන විට මුඛය සහ නාසය ආවරණය කිරීම මෙන්ම නිතර අත් සේදීම සිදු කළ යුතු බවටයි සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇත්තේ.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *