Sat. Jul 27th, 2024

කෙහෙලිය රක්ෂිත බන්ධනාගාර ගත කරයි…!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වර්තමාන පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එළැඹෙන පහළොස්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර ඉමියොනෝග්ලෝබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල නියෝගයකට අනුවයි.

ඒ අනුව ඊයේ (02) පෙරවරු 09.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනිසිටියේය.

පැය 10 ආසන්න කාලයක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ අත්තඩංගුවට ගැනීම සිදුවිය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *