Sat. Jul 27th, 2024

කෙහෙලිය සිංගප්පූරු ඖෂධ ඉල්ලයි.. ඔහුම ගෙනා ඉන්දීය ඖෂධ එපා කියයි.. පුද්ගලික රෝහලකට යන්නත් ඉල්ලයි…

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල් මහතා තමන්ට ඇති රෝගී තත්ත්වයන් සඳහා සිංගප්පූරුවෙන් ගෙන්නවන ලද ඖෂධ ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

අමාත්‍යවරයා සෞඛ්‍ය ඇමති ධුරය දරද්දී ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ භාවිතා කිරීම ඔහු ප්‍රතික්ෂේප කරමින් සිටින බවද සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීයත.

එමෙන්ම බන්ධනාගාර රෝහලේ පහසුකම් මදි බව පවසමින් පෞද්ගලික රෝහලකට යාමටද අමාත්‍යවරයා ඉල්ලා ඇතැයිද හෙතෙම පැවසීය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ වංචාවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යයක කෙහෙලිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත්වරිය පසුගියදා නියෝග කළාය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීය.

කෙහෙලිය රෝගී තත්වයෙන්.. රෝහල්ගත කලා..- බන්ධනාගාරය

අමාත්‍ය කෙහෙලිය රඹුක්කවැල්ල මහතා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන්නේ වෛද්‍ය නිර්දේශ මත බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් දුන් නියෝගය මත ඔහු බන්ධනාගාරය වෙත ගෙන ගොස් එහිදී කළ වෛද්‍ය නිර්දේශය අනුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවද හෙතෙම පැවසීය.

රඹුක්වැල්ල මහතා රෝගී තත්ත්වයෙන් සිටින බවත් ඒ අනුව ඔහු රෝහල් ගතකර ප්‍රතිකාර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේය.

Lanka C News

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *