Sat. Jul 27th, 2024

චම්පික ජනාධිපති කලොත් අර්බුදයෙන් රට ගොඩ ගත හැකියි..!

ජනාධිපතිවරණයේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ශක්තිමත් පදනමක් මත ඉදිරිපත් කළ යුතු බව පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කරයි.

ආර්ථික, සමාජ, දේශපාලන ආදී අර්බුද රැසක් මත රට ගිලන් ව තිබේ. සමාජය ද ගැටලු රැසකට ලක්ව ඇතැයි ලක්තිලක මහතා පෙන්වා දෙයි.

ඒවායෙන් සමාජය මුදා ගැනීමේ ශක්තිමත් සහ ස්ථාවර නායකත්වය සැපයිය හැකි දේශපාලනඥයා පාඨලී චම්පික රණවක මහතා බව ලක්තිලක මහතා අවධාරණය කරයි.

ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට පසුබිම සැකසෙයි.

පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යුතු බවට ජනතා මතයක් ද, ඉල්ලීම් ද ඇතැයි නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අවධාරණය කරයි.

වත්මන් ජනාධිපති, විපක්ෂනායක සහ අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපතිධුරයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වනු ඇතැයි මත පළව තිබේ.

එවැනි වටපිටාවක පාඨලී චම්පික රණවක මහතා ස්ථානගත කරන්නේ කෙසේදැයි ගැටලුවක් මතුවෙයි. එහෙත් ශිරාල් ලක්තිලක මහතා කියාසිටින්නේ එක්සත් ජනරජ පෙරමුණේ නායකයා ජනාධිපතිවරණයට ශක්තිමත් පසුබිමක් යටතේ ඉදිරිපත් කෙරෙන බවයි.

ශ්‍රී ලංකාව පවතින අර්බුදයෙන් ගලවා ගත හැක්කේ නීත්‍යානුකූලව ක්‍රියාකරන, සොරකම් නොකරන, විශ්වසනීය පුද්ගලයෙකුට බව, ලක්තිලක මහතා අවධාරණය කරයි.

එම සියලු සුදුසුකම් සහිත පාඨලී චම්පික රණවක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම, ජනතා කැමැත්ත සහ ඉල්ලීම මත සිදුවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *