Sat. Jul 27th, 2024

ජනපතිකමට රනිල් – අගමැති කමට සජිත් | රාජපක්ෂලාට උණ ගැනෙන්න හැදෙන අලුත්ම සන්ධානය මෙන්න..!

දිනෙන් දින උණුසුම් වෙන අපේ රටේ දේශපාලනය ගැන ඇහෙන කතා නම් දැන් දැන් මහා පුදුමාකාරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් දෙපළක් සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් සමගින් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේශ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී ජනාධිපතිවරයා වැටී ඇති එක්සත් ජාතික පක්ෂය යලි නැගුටුවීමට නම් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යළි එකතු විය යුතු බවට යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම තමන්ගේ ධූර කාලය ඇතුලත අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවත් එහි බලතල 2015 දී මෙන් නොව පූර්ණ විනිවිධභාවයකින් යුතුව පාර්ලිමේන්තුවට ලබා දෙනබවද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

එම නිසා තමන් දැනටත් කරගෙන යන්නේ සමගි ජන බලවේගය ආණ්ඩු බලය ලැබුනාට පසුව ක්‍රියාත්ම කිරීමට යන ආකාරයේ ආර්ථික වැඩපිලිවෙලක් බවටත් පාර්ශව දෙක එක්වීම සඳහා වෙනත් කිසිම ප්‍රතිරෝධයක් ඇති කර නොගත යුතු බවටත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරනය කර ඇති බවත්, මෙහිදී තමන් කිසි විටෙකත්පො හොට්ටුවේ කඩාකප්පල්කාරී මන්ත්‍රීවරුන් ලඟ තබා ගන්නේ නැති බවටත් පොහොට්ටුවේ ප්‍රබල චරිත වලට තමන් ඇමතිකම් නොදී තබා ගැනීමෙන් එය ඔප්පු කර ඇති බවටත් බොහොම සන්සුන් ලීලාවෙන් ප්‍රකාශ කර ඇති බවත්,

ඉන්පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සඳහන් කර ඇත්තේ තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමට පිටින් කිසිඳු තීන්දු තීරණයක් නොගන්නා බවත් මේ සම්බන්ධයෙන් සමගි බල සන්ධානය තුල සාකච්ඡා කොට තීරණයක් ගැනීමට තමන් අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.

එමෙන්ම තමාද ප්‍රතිපත්තිගරුක බැවින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අගමැති පුටුව තමන් අත්හැරි බවත් මෙහිදී විශේෂයෙන් මතක් කර සිටින බව ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සාකච්ඡාවෙන් පසුව දැන් දැන් ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව සඳහන් කරන්නේ එළඹෙන ජනාධිපතිවරයේදී බොහෝ විට විසිරී ඇති එක්සත් ජාතික පාක්ෂිකයන් සහ සමගි බලවේගයේ පාක්ෂිකයන් සමගින්, අතරමංවී ඇති පොහොට්ටු පාක්ෂිකයන් එක්තැනකට ගෙන ජනාධිපති පුටුවත් ආන්ඩු බලයත් ගෙන යළි ප්‍රබල ආණ්ඩුවක් ගොඩ නැගෙන බවට අනුමාන කල හැකි බවටයි.

එමෙන්ම මෙම එකතුවීමත් සමගින් රටේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඔස්සේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ අලුත් කතිකාවතක්ද ගොඩ නැගෙන බවයි වාර්තා වන්නේ.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *