Sat. Jul 27th, 2024

ජනාධිපතිවරණයේදී අපේ උදව් නෑ..- පොහොට්ටුව ජනපතිට මූණටම කියයි

ඉදිරි ජනාධිපතිවරණයට තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නොහැකි බව ඔහු වෙත පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

මහලේකම්වරයා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 01 වැනිදා පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති රැස්වීමේදීය.

එම රැස්වීම ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව පවත්වා ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අමතරව එම පක්‍ෂයෙන් වෙන්වී ගිය නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ ටිරාන් අලස් ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුතු පක්‍ෂයේ සාමාජිකයන් සහභාගි වී ඇත.

එම රැස්වීමේදී ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳ විමසා ඇති අතර එහිදී තවදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කරනවා නම් ඒ සඳහා සර්ව පාක්‍ෂික සමුළු නොකැඳවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සමග වෙනම සාකච්ඡා කළ යුතු බවයි.

එරික් ගාමිණි ජිනප්‍රිය
– දිවයින

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *