Sat. Jul 27th, 2024

ජුනි 15…! රනිල්ට මහින්ද අවසන් දිනය දෙයි! ගේනවා කියපු 25 අරන් ‌පෙන්නන්න.

සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 25 දෙනකු ආණ්ඩුවට එක්කර ගන්නා බවට ජනාධිපතිවරයා විසින් මීට පෙර පොහොට්ටුවට ලබාදී තිබූ පොරොන්දුව ලබන 15 වැනි දිනට ප්‍රථම ඉටුකර පෙන්වන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී තිබේ.

තුන්වැනි පාර්ශ්වයක් හරහා පසුගිය සතියේදී ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවුඩයක් යවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම දැනුම්දීම කර ඇති බව වාර්තා වේ.

එසේ සජබ මන්ත්‍රීවරුන් 25 දෙනකු ජුනි 15ට පෙර පොරොන්දු වූ පරිදි ආණ්ඩුවට ගෙන පෙන්වුවහොත් පොහොට්ටුවේ සහායද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට ලබාදිය හැකි බවද එම පණිවුඩයෙන් වැඩිදුරටත් දැනුම්දී ඇති බව පැවසේ.

නමුත්, එම පොරොන්දුව ඉටුකරලීමට නොහැකි නම්, 16 වැනි දින පොහොට්ටුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බවට ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

පොහොට්ටුවට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ආණ්ඩුවට සජබ මන්ත්‍රීවරුන් 25 දෙනකු එක්කරගත නොහැකි වුවහොත් බොහෝ දුරට 17 වැනිදා පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට සූදානම්ව සිටින බවකි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *