Sat. Jul 27th, 2024

ත‍්‍රිවිල් මගීන්ට ඇගට දැනෙන සහනයක්.. කිලෝමීටරයකට රුපියලක් අඩු කරයි..!

පෙට්රල් මිල අඩු කිරීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ප්‍රවාහන ගාස්තු කිලෝමීටරයක් සදහා රුපියල කින් පමණ අඩු කළ හැකි බව සමස්ත ලංකා තීරෝද රත හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා කියා සිටියේ දැනට රට තුළ පවතින පෙට්ටල් ප‍්‍රමිතියෙන් තොර බවත් ත්‍රිරෝද රථයක් ධාවනය කළ හැකි උපරිම දුර ප්‍රමාණයට එය බලපා ඇති බවත් ය.

එමෙන් ම පෙට්රල් මිල අඩුකළත් ලිහිස් තෙල්, අමතර කොටස් හා සේවා මිල මෙතෙක් අඩු වී නැති බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ සලකා බලන විට ත්‍රිරෝද රථ ගාස්තු අඩු කළ හැක්කේ කිලෝමීටරයකින් රැපියලක් පමණක් බවත් හෙතෙම කියා සිටියේය.

ත‍්‍රිරෝද රථ ගාස්තු නියාමනය කිරීමට තම සංගමයට අවශ්‍යතාවයක් ඇතත් රජයට හෝ නිලධාරීන්ට එය අවශ්‍ය බවක් පෙනෙන්නට නැති බවත් ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් තවදුරටත් පැවසීය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *