Sat. Jul 27th, 2024

නිදහස් උත්සවයට කරන්නේ තෙල් පුච්චාගෙන පම්පෝරි ගැසීමයි..

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන නිදහස් දිනය දවසේ විශාල මුදලක් වෙන් කරමින් උත්සවයක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

වෙනදා වගේම ගත වූ සෑම නිදහස් දින උත්සවයකදීම රාජ්‍ය නායකයන් විසින් සිදුකර ඇත්තේ එකම ආකාරයේ කතාවන් බවද ඔහු පැවසීය.

නමුත් සෑම නිදහස් උත්සවයකදීම තෙල් පුච්චා, පම්පෝරි කතා පැවසුවද ඇත්ත වශයෙන්ම රට ඇත්තේ බංකොලොත් වී බවද ඔහු පෙන්වා දෙයි.

නිදහසින් වසර 76කට පසුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් යයි ආණ්ඩුව විසින්ම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

ජනතාව විමුක්ති පෙරමුණේ ජක හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *