Sat. Jul 27th, 2024

ප්‍රංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානී ඉන්දියාවට

ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානී තානාපති බෙනොයිට් ගයිඩි සිය පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරාගෙන තිබෙනවා.

නවදිල්ලි අගනුවරට ළඟා වූ බෙනොයිට් ගයිඩි එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය පිළිබඳ අදහස් පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ඉන්දීය සංචාරය ආරම්භ කරමින් සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට සිය රට සූදානම් බවයි.

එහිදී ඔහු පැවසුවේ සිය පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.

ඉන්දියාව යනු ප්‍රංශයේ වැදගත්ම සහකරුවෙකු සහ වඩාත්ම විශ්වාසදායකයා වන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ජූලි මස 14 වනදාට යෙදී තිබෙන ප්‍රංශයේ ජාතික දිනය හෙවත් බැස්ටිල් දිනයේ ආරාධිතයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වීමට නියමිතයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ගේ විශේෂ ආරාධනයක් අනුව එම සංචාරය සිදු කෙරෙනු ඇති.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *