Sat. Jul 27th, 2024

‘මාලිමාව නීති විරෝධීයි..’ නාගානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..!

ජාතික ජනබලවේගය මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කර ආකාරය නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මෝසමක් ගොනුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබා දෙන්නයි  නාගානන්ද කොඩිතුවක්කු විසින් මෝසම ඉදිරිපත් කර ඇත.

ඒ මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇත්තේ විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනුකර ඇති පෙත්සමකට අදාළවයි.

ජනතා විමුක්ති පෙරමුණේම කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම නීති විරෝධී බවත් පවසන ඔහු එකම පක්ෂයක විවිධ ශාකා වෙන් වෙන්ව දේශපාලන පක්ෂ සේ ලියාපදිංචි කිරීම නීති විරෝධී බවත් කියා සිටී.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *