Sat. Jul 27th, 2024

‘මාව ඕනේද එපාද ? සජිත්ගෙන් අසමින් හිරුණිකා වැට උඩට නගී..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දීමේ ගනුදෙනුවකට සමගි ජන බලවේග ආණ්ඩුවක් කටයුතු කළහොත් තමනට තීරණයක් ගැනීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මය සඳහන් කරයි.

එවන් ගනුදෙනුවකුට ගියොත් තමන් පක්ෂයට අවශ්‍යදැයි තීරණය කිරීමට පක්ෂය සිදුවනු ඇති බවද ඇය පැවසුවාය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එකඟ නොවුනු ඇතැයි තමන්ගේ විශ්වාසය වුවත් ඔහු වටේ සිටින වෙනත් පුද්ගලයන් එම ගනුදෙනුව කිරීම් හොඳ බව ඒත්තු ගන්වීමේ උත්සාහයක ඇතැයි ද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් එවන් අවස්ථාවකදී පක්ෂය විසින් තමන් තෝරාගන්නේද වෙනත් අයකු තෝරා ගන්නේද යන්න තීරණය කළ යුතුවනු ඇති බවත් ඇය පැවසුවාය.

දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් ජනාධිපති සමාව නිවැරදි ක්‍රියා පටිපාටිය අනුමගමනය නොකර ලබා දුන් එකක් නිසා එය ආපසු හැරවීමට තමනට හැකි වූ බවද ඇය කියා සිටියාය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පළ කරනු ලදී.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *