Sat. Jul 27th, 2024

යහපාලන කාලේ JVP සමග ඉතා සමීප වුනා.. දුෂණ මර්ධන ඒකක ප‍්‍රධානියා දැම්මෙත් අනුර දිසානායකයි..- ජනපති

යහපාලන ආණ්ඩුව සමයේ ජනතා විමුක්ති පෙරමුණ අප සමග ඉතා සමීපව වැඩ කටයුතු කළා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේ රාජාසන කතාව සිදු කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමඟ සමීපව වැඩ කටයුතු කළා.
දූෂණ විරෝධී කාර්යාලය මෙහෙයවීම සඳහා ආනන්ද විජේපාල මහතාගේ නම යෝජනා කළෙත් අනුර දිසානායක මහතාමයි. ඒ කාර්යාලයේ ලිපිගොනු පිටපත් තවමත් අනුර දිසානායක මහතා ළඟ තිබෙනවා..

ඉතින් රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බැරි ඇයි. අපි මැතිවරණවලදී වෙන් වී තරග කරමු. ඒත් රට ගොඩනැංවීමේදී එකට එක් වී කටයුතු කරමු’

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *